Header

Sri Lanka Army

Defender of the Nation

29th December 2017 04:57:08 Hours

57 වන සේනාංක භට පිරිස් වෙතින් ශ්‍රමදාන වැඩසටහනක්

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංක භට පිරිස් විසින් කතෝලික බැතිමතුන්ගේ සහයෝගය ඇතිව දෙසැම්බර් මස 23 වන දින පරන්තන් ශාන්ත අන්තෝනි දේවස්ථාන පරිශ්‍රයේ දී ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

ආගමික සංහිඳියාව ඇති කිරිමේ අරමුණින් 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධනගේ සංකල්පයකට අනුව 573 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජානක රණසිංහ ගේ මඟපෙන්විමෙන් මෙම වැඩසටහන සංවිධානය කළහ.

573 බලසේනාවේ, 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සේවයේ නියුතු හමුදා සාමාජිකයින් 87 දෙනෙකු මේ සඳහා සහභාගි වූහ.

හමුදා සාමාජිකයින් විසින් සිදු කළ මෙම සත්කාරය වෙනුවෙන් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පුජක තුමන් විසින් සිය ස්තුතිය ද පුද කළහ.

Sports brands | adidas