2021-11-10 21:45:09
පළමු ලෝක යුද සමයේ සිට මේ දක්වා යුදබිමේදී දිවිපිදූ සියලුම රණවිරුවන් සිහිකිරීම උදෙසා පවත්වනු ලබන පොපි මල් දින සැමරැම් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් බදාදා (10) දින සන්ධ්‍යාවේ ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ දී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවී සංකේතාත්මකව පොපි මලක් පැළඳවිය.
2021-11-08 16:31:44
ජාතික ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ස්ථාපිත ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, යුද හා සිවිල් තාක්ෂණික සංවර්ධනය සඳහා වු නව නිපැයුම් පිළිබඳ ඉමහත් ප්‍රගතියක් අත්කරදෙමින් නිර්මාණය කරන ලද නව නිපැයුම් 15 ක් සඳුදා (8) දින පනාගොඩ පිහිටි ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී ආරක්ෂක අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලදී.
2021-11-07 20:00:12
කූරගල ලෙන් විහාරය නමින් ප්‍රචලිත බලංගොඩ, කල්තොට ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික කූරගල රජමහා විහාරය ප්‍රතිසංස්කරණය කර ‘ශාසනයට’ පූජා කිරීමෙන් අනතුරුව පැවැත්වෙන ප්‍රථම ‘කඨින දුශ්‍රය’ පූජා කිරීමේ උත්සවය අද (07) දින උදෑසන පැවැත්විණි. වඩමවා වඳල මහා සංඝරත්නය 200 නමක පමණ සහභාගීත්වයෙන් පැවැති මෙම පූජෝත්සවයට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකකයේ ගරු සභාපතිනි සුජිවා නෙල්සන් මැතිණිය ඇතුළු සැදැහැවත් බැතිමතුන් රැසක් සහභාගි වූහ.
2021-11-07 10:26:10
දීර්ඝ කාලයක් පූරාවට ගරා වැටෙමින් පැවැති පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනාකමක් සහිත කූරගල ලෙන් විහාරය නමින් ප්‍රචලිත බලංගොඩ, කල්තොට ප්‍රදේශයේ පිහිටි පූරගල රජමහා විහාරයේ ශ්‍රී විභූතිය හා ඓතිහාසික උරුමය යළි පිළිඹිබු කරමින් එම විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කර ‘ශාසනයට’ පූජා කිරීමෙන් පසුව පැවැත්වෙන ප්‍රථම ‘කඨින දුශ්‍රය’ පූජා කිරීමේ උත්සවය නොවැම්බර් මස 6 සහ 7 දෙදින පුරා අති උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලබයි.
2021-11-05 13:01:22
කූරගල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන්ගේ ඉල්ලීමකට අනුව, යුද්ධ හමුදා භටපිරිස්වල ශ්‍රමදායකත්වය සහ තාක්ෂණික දැනුම යොදාගනිමින් කූරගල රජමහා විහාරස්ථානයේ ප්‍රථම ‘කඨින චීවර’ පූජාව නොවැම්බර් මස 6 සහ 7 දෙදින පුර එම විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව ඇත.
2021-11-03 17:19:26
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ ආරාධනයකට අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (03) දින උදෑසන යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත විය. එහිදී, ජාතික හා සාමාජීය වශයෙන් වැදගත් ව්‍යාපෘති රැසක් ආරම්භ කෙරිණි.
2021-11-01 12:51:44
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය මත ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විසින් මෙහෙයවනු ලබන ජාතික එන්නත්කරණ වැඩසටහනේ තවත් එක් පියවරක් ඉදිරියට තබමින් කොවිඩ් - 19 වෛරසය දිවයින පුරා ව්‍යාප්තවීම වැළැක්වීමේ කාර්යභාරයේ ඉදිරිපෙළ සාමාජිකයින් ලෙස කටයුතු කරනු ලබන ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලිස් නිලධාරීන්, සෞඛ්‍ය නිලධාරින් හා සංචාරක ක්ෂේත්රයේ නියුතු පුද්ගලයින් ඇතුළු ඉදිරිපෙළ සාමාජිකයින් සඳහා තෙවන මාත්‍රාව ලබාදීම සඳුදා (01) දින ආරම්භ කරන ලදී.
2021-10-26 13:05:00
රුසියානු එක්සත් සමුහ ආණ්ඩුවේ භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී හා සේනාධිනායක ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් (General Oleg Salyukov) ගේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ආරාධනයෙන් රුසියාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා රුසියානු භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී විසින් හමුදා සම්ප්‍රදායානුකූලව සඳුදා (25) දින මහත් හරසරින් යුතුව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2021-10-21 17:31:27
විජයබාහු පාබල රෙජිමේන්තුව ‘තම උපායෙහි ශිල්පියෙහි සහ වෘත්තියෙහි අති දක්ෂයෙකුට ඉසිලිය නොහැකි මහ බර කුමක්ද’ යන තේමා පාඨය පෙරදැරි කරගනිමින් වර්ෂ 1988 දී ස්ථාපිත කරන ලද බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තුවේ නවතමයෙන් සකසන ලද සරඹ භූමීය විවෘත කිරිමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් සිකුරාදා (21) දින උදෑසන සහභාගී වූ අතර, එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ඇතුලු නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ ගෞරවාචාර මධ්‍යයේ උත්සවාකාරයෙන් මහත් හරසරින් යුතුව විජයබාහු පාබල රෙජිමේන්තුව වෙත පිළිගන්නා ලදී.
2021-10-17 18:52:58
අතිරේක ප්‍රහාරක සේනාංක සහ විශේෂ ක්‍රියාන්විත බලකාවලින් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ගේ ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 – 2025’ ප්‍රතිපත්තියට සමගාමීව ස්ථාපිත කරනු ලැබූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකායේ සමාරම්භය අද (17) දින උදෑසන ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී සනිටුහන් විය.