2022-03-06 13:57:00
මව්බිමේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය වෙනුවෙන් සිය ජීවිතය පූජා කළ විරෝදාර රණවිරුවන් සිහිකිරීම, රණක්ෂිතයට පත් රණවිරුවන්ට ආශිර්වාද එක් කිරීම සහ තිස් වසරක යුද්ධයේ නිමාව සනිටුහන් කරමින් අනුරාධපුරයේ ඉදිකල සඳහිරු සෑ චෛත්‍ය රාජ්‍යාණන් වහන්සේගේ සලපතනමළුව වටා නවතමයෙන් තැන්පත් කල අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා වැඳපුදා ආශිර්වාද ලබාගැනීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සහ ජනාධිපති ආර්යාව සෙනසුරාදා (5) දින ඓතිහාසික සඳ හිරු සෑ චෛත්‍ය රාජ්‍යාණන් වහන්සේ අභියසට පැමිණියේය.
2022-03-04 08:30:01
දීර්ඝ කාලයක් අළුත්වැඩියා කටයුතු සිදුකර නොතිබූ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ක්‍රිස්තු පූර්ව 2 වන සියවසට අයත් බලංගොඩ පූරගල රජමහා විහාරස්ථානය හෙවත් කූරගල ලෙන් ආශ්‍රමය සම්පූර්ණ ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව අතිගරු ජනාධිපතිතුමන්ගේ සහ බුද්ධ ශාසන අමාත්‍ය ධූරය ද හොබවන ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ උපදෙස් මත මෙවර ජාතික වෙසක් උත්සවය මෙම පෞරාණික විහාරස්ථාන පරිශ්‍රයේ පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇත.
2022-02-26 22:05:33
ශ්‍රී ලංකා - චීන රාජ්‍යතාන්ත්‍රික සබඳතා වලට වසර 65 ක් සපිරීම නිමිත්තෙන් චීනයේ පිහිටා ඇති ඓතිහාසික බෞද්ධ විහාරස්ථානවල සහයෝගය මත අනුරාධපුර ඓතිහාසික අභයගිරිය විහාරස්ථානය සහ මරදාන ශ්‍රී ලංකා විද්‍යාල පරිශ්‍රයේදී සෙනසුරාදා (26) දින උදෑසන සෙත් පිරිත් සජ්ඣායනා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2022-02-22 08:24:58
ඉන්දු-ශ්‍රී ලංකා යුද්ධ හමුදා අතර දිනෙන් දින වර්ධනය වන ද්විපාර්ශවික හමුදාමය සහයෝගිතාවය සහ සුහදත්වය ප්‍රදර්ශනය කරමින් පෙරබරවාරි මස 10 දින සිට 12 දින දක්වා පූනේ හි පිහිටි ඉන්දීය හමුදාවේ පැරණිතම දක්ෂිණ විධාන මූලස්ථානයේදී 9 වන වරටත් වාර්ෂිකව පවත්වනු ලැබු ඉන්දු- ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික සාකච්ඡාවට එක්වු ශ්‍රී ලංකා නියෝජිත පිරිස එම සාකච්ඡාවේ ප්‍රතිඵලය, ඵලදායිතාවය සහ ද්විපාර්ශ්වික වශයෙන් කථිකා කරගත් වැදගත් කරණු පිළිබඳ සඳුදා (21) දින උදෑසන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවී නිල වශයෙන් දැනුම් දුන්හ.
2022-02-19 19:06:52
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂිත ක්‍රියාන්විත රෙජිමේන්තුවක් වන කමාන්ඩෝ රෙජිමේන්තුවෙන් මනා පුහුණුවක් ලැබු කමාන්ඩෝ භටයින් 157 දෙනෙකු කමාන්ඩෝ නිල ලාංඡන සහ ‘මෙරූන් හිස්වැසුම්’ පැළඳ විසිරයාමේ උත්සවය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (19) දින ඌව කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
2022-02-15 15:30:13
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ‘ඉදිරි උපායමාර්ගික සැලසුම් 2020 – 2025’ ට සමගාමීව, යුද්ධ හමුදාවේ සෑම සෙබලෙකුටම විශ්‍රාම යෑමට ප්‍රථම නිවසක් ඉදිකරදීම සඳහා වු යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ‘විරු අභිමන්’ විශේෂ සහනදායී නිවාස ණය යෝජනා ක්‍රමය රාජ්‍ය අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන මහජන බැංකුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමඟ එක්ව අද (15) දින සිට ක්‍රියාවට නංවන ලදී.
2022-02-11 10:00:45
පසුගිය දා ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ සංචාරයක නිරත වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මැතිණිය එම සංචාරය අතරතුර පසුගිය බ්‍රහස්පතින්දා (10) දින මානුෂීය මෙහෙයුමේදී රණක්ෂිතයට පත් රණවිරුවන් 50 දෙනෙකු සුවය ලබමින් සිටින අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි ‘අභිමංසල - 1’ හි සංචාරයක නිරත වූහ.
2022-02-04 15:30:52
මවුබිමේ සෞභාග්‍යය, සාමය, සංහිඳියාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ අධීෂ්ඨානශීලී කැපවීම තවදුරටත් පිළිබිඹු කරමින් ‘අභියෝග ජයගත් අසිරිමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මවුබිමක්’ යන තේමාව පෙරටු කරගනිමින් 74 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (04) දින උදෑසන නිදහස් චතුරස්‍ර...
2022-02-04 12:53:32
“අප හමුවේ ඇති අභියෝග ජයගෙන අපේ අනාගත ඉලක්ක සාර්ථකව ඉටු කර ගැනීමට නම් අප සියලු දෙනාටම වෙනස් වන්නට සිදු වෙනවා. අප සියලු දෙනාටම ඒ සඳහා යම් කැප කිරීම් කරන්නට සිදුවෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන ආදර්ශය දෙන්නට රටේ ජනාධිපතිවරයා ලෙස මම සූදානම්. දැනටමත් මා එය හැකි උපරිම මට්ටමෙන් ඉටු කරනවා. මා ඉල්ලා සිටිනවා සියලූම මැති ඇමතිවරුන් හා අනෙකුත් දේශපාලනඥයින්ගෙන්, රටට ආදර්ශයක් වන ආකාරයට...
2022-02-01 21:09:58
74 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් 2022 පෙබරවාරි මස 4 දින පැවැත්වීමට නියමිත නිදහස් දින පෙළපාලියේ පෙරහුරු පෙළපාලිය (01) දින උදෑසන කොළඹ 7 නිදහස් චතුරස්රයේදී පැවති අතර, එම පෙරහුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ...