2020-11-10 06:53:43
දිවයින පුරා සීඝ්රයෙන් ව්‍යාප්තවෙමින් පවතින කොවිඩ්-19 වෛරසයට එරෙහිව දැවැන්ත කාර්යභාර්යක් ඉටුකරමින් සිටින සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අතර ඇමතුම් ගාස්තු අය නොකරන ජංගම දුරකථන සම්බන්ධතාවයක් ලබාදීමට ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගම විසින් කටයුතු සැලසුම් කර ඇත.
2020-11-05 15:27:04
ගුවන් හමුදාවේ 18 වන ගුවන් හමුදාධිපති ලෙස අභිනවයෙන් රාජකාරි ඇරඹූ එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ අද (05) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි අතර එහිදී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟ සිය ප්‍රථම නිල හමුව පැවැත්වූවේය.
2020-11-03 20:16:56
කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික වැසියන්ගේ නේවාසික පහසුකම් හා රැකියා අවස්ථා අහිමිවීම නිසා එරට ආරක්ෂිත නිවාසවල ඔවුන් රඳවා සිටින පිරිස් කඩිනමින් මෙරටට ගෙන්වාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට අතිගරු ජනාධිපතිතුමා ලබාදුන් උපදෙස් අනුව ක්‍රියාකිරීමට කටයුතු කරන බව යුද්ධ හමුදාධිපතිතුමන් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද (03) දහවල් පැවති සැසි වාරයකදී යුද්ධ හමුදාධිපතිතුමා පැවසීය.
2020-10-31 22:14:53
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ මෙහෙයුමට අදාලව දිවයින පුරා සිදුකරනු ලබන මෙහෙයුම් වල ප්‍රගතිය පිළිබඳ පරික්ෂා කිරීමේ අරමුණ පෙරදැරිව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (31) මධ්‍යහනේ කිලිනොච්චි ක්‍රිෂ්ණපුරම්හී ඉදිකරමින් පවතින කොවිඩ් රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
2020-10-28 17:24:04
නුඳුරේදී විශ්‍රාම දිවියට පා තබන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් සිය ධුරයෙන් නික්ම යාමට ප්‍රථම, අද (28) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේදී කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
2020-10-27 22:08:34
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්යසාධක බලකායේ තවත් එක් සැසියක් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ වැඩබලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරල් වෛද්‍ය එස්. ශ්‍රීධරන් ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය ක්ෂේත්රයේ විශේෂඥයින් සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයෙන් අද (27) දින මධ්‍යහනේදී පැවැත්විණි.
2020-10-24 16:27:44
යුද්ධ හමුදාවේ ‘පාබල නිවහන’ ලෙස සැලකෙන මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ අද (24) දින සංචාරයක නිරත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, අභිනවයෙන් ඉදිකළ පිවිසුම් දොරටුව විවෘත කිරීමෙන් අනතුරුව රුක් රෝපණ ව්‍යාපෘතියකට එක්විය. පාබල පුහුණු මධ්‍යස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්, එම පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරල් චම්පක රණසිංහ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ද යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනමන ලදී.
2020-10-23 14:47:37
පුරා වසරක කාලයක් ත්‍රිකුණාමලය භටකාර්ය සම්පාදන විද්‍යාලයේ (ASL) දී පැවති භටකාර්ය සම්පාදන මාණ්ඩලික නිලධාරි පාඨමාලා අංක - 06 සාර්ථකව හැදෑරු නාවික හමුදා නිලධාරියෙකු, ගුවන් හමුදා නිලධාරීයෙකු, බංගලාදේශ හමුදා නිලධාරීයෙකු, පකිස්තානු හමුදා නිලධාරීයෙකු සහ සැම්බියානු හමුදා කාන්තා නිලධාරීනියක් ඇතුළු නිලධාරීන් 35 දෙනෙකු වෙත උපාධි සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය අද (22) දින කොළඹ ආරක්ෂක සේවා විද්‍යාල ශ්‍රවණාගාරයේ දී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
2020-10-20 21:54:37
කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කිරීමත්, සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමත්, පොදු උත්සව හා රැස්වීම් නොපැවැත්වීම සහ මහජනතාවගේ වගකීම් විරහිත ක්‍රියා තුළින් වෛරසය පැතිරීම වැළැක්වීමේ ක්‍රියාවලිය පිළිබඳව අඩු සැලකිල්ලක් දැක්වීම යන කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් ඉදිරියේදී දැඩි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් පිළිපදින්නැයි මහජනතාවට යළි යළිත් දැනුම්දිය යුතු බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කාර්ය සාධක බලකායේ අද (20) දින සන්ධ්‍යාවේ පැවැති සාකච්ඡාවකදී අවධාරණය කෙරිණි.
2020-10-18 09:42:00
කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය පාලනය කරනවා සේම ජන ජිවිතයේ එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යමින් (Live with COVID-19), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව පැවැති ‘යුද්ධ හමුදාධිපති ලීග් විස්සයි විස්ස’ ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය සෙනසුරාදා (17) දින සන්ධ්‍යාවේ දොඹගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.