Header

Sri Lanka Army

Defender of the Nation

03rd November 2020 20:16:56 Hours

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්‍ෂිත නිවාසවල සිටින ශ්‍රී ලාංකිකයින් කඩිනමින් මෙරටට ගෙන්වීමට ජනාධිපතිතුමා උපදෙස් දුන්බව යුද්ධ හමුදාධිපති පවසයි

කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික වැසියන්ගේ නේවාසික පහසුකම් හා රැකියා අවස්ථා අහිමිවීම නිසා එරට ආරක්‍ෂිත නිවාසවල ඔවුන් රඳවා සිටින පිරිස් කඩිනමින් මෙරටට ගෙන්වාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට අතිගරු ජනාධිපතිතුමා ලබාදුන් උපදෙස් අනුව ක්‍රියාකිරීමට කටයුතු කරන බව යුද්ධ හමුදාධිපතිතුමන් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද (03) දහවල් පැවති සැසි වාරයකදී යුද්ධ හමුදාධිපතිතුමා පැවසීය.

වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ වර්ධනය සහ තවත් ආසාදිතයින් හඳුනාගැනීමේදී ගතයුතු හදිසි පියවර, මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මාළු වෙලඳපොල පොකුරුවල පැතිරීම පිළිබඳ එහිදී සාකච්ඡා කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයින් රැසක් සහභාගී වූහ.

පසුගිය සඳුදා (02) දින වනවිට හෙම්මාතගම, මාවනැල්ල, බුලත්කොහුපිටිය පොලිස් වසම්, කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ප්‍රාදේශිය සභා බලප්‍රදේශය සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බලප්‍රදේශය යන ප්‍රදේශ තුලින් වැඩි වශයෙන් කොවිඩ් - 19 වෛරස් ආසාදිත පුද්ගලයින් හඳුනාගැනීමත් සමඟ එම ප්‍රදේශ හුදකලා කිරීම සහ එම ප්‍රදේශවල ක්‍රියාත්මක කරනු ලබන ඉදිරි සැලසුම් පිළිබඳ මෙහිදී සාකච්ඡා විය. නිරෝධායන ක්‍රියාවලිය සඳහා නව උපායමාර්ගික ප්‍රතිපත්තියක් හඳුන්වාදීමෙන් පසු කොවිඩ් - 19 ආසාදිතයින්ගේ පළමු හා දෙවනපෙළ ආශ්‍රිතයින් 6593 ක් ඔවුන්ගේ නිවෙස්වල ස්වයං නිරෝධායන කටයුතුවල යෙදී සිටින බව ද මෙහිදී වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

මෙහිදී අදහස් දැක්වූ යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කළේ “ත්‍රිවිධ හමුදාවන් මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන සහ හෝටල් 72 ක් තුළ නිරෝධායනව වන පුද්ගලයින් ඉදිරි දින දෙක තුළ ඔවුන්ගේ නිරෝධායන කටයුතු අවසන් කර පිටත්ව යාමට නියමිතව ඇති බැවින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ගෙන්වන පුද්ගලයින්ගේ නිරෝධායන කටයුතු සඳහා එම මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට නියමිත නිසා අදාළ සියලු පාර්ශවකරුවන් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව මෙම කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කළයුතුව ඇති බව” ය.

එසේම, වෛරසයට ගොදුරු වියහැකි කණ්ඩායම් පිළිබඳ වැඩි අවධානයක් යොමුකරමින් එක් දිනක් තුළ ඔවුන් කණ්ඩායම් වශයෙන් PCR පරීක්‍ෂණ සදහා යොමුකිරීමේ ක්‍රියාවලියක් අතිගරු ජනාධිපතිතුමන් ලබාදුන් උපදෙස් වලට අනුව, හඳුන්වාදීමට නියමිත බව ද යුද්ධ හමුදාධිපතිතුමා කීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කළේ හුදකලා කර ඇති සහ නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල මහජනතාව වෙනුවෙන් සලසන පහසුකම් අතර රුපියල් 5000 ක දීමනාව ලබාදීම, රෝගීන්ට ඖෂධ නිවසට ලබාදීම, රුපියල් 10,000 ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පාර්සල් ලබාදීමත්, හෝටල් නිරෝධායන ක්‍රමෝපායන් තවදුරටත් විධිමත් කිරීමත් ඇතුළු ක්‍රියාමාර්ග රැසක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බවය.

මෙහිදී සාකච්ඡා කෙරුණු කරුණු අතර, නව වෛරස් ආසාදිත රෝගීන් රෝහල්ගත කිරීම, ස්වයං නිරෝධායනය වන පුද්ගලයින් පරීක්‍ෂා කිරීම, PCR පරීක්‍ෂණ වර්ගීකරණය කිරීම සහ අහඹු ලෙස ජනාකීර්ණ ප්‍රදේශවල PCR පරීක්‍ෂණ සිදුකිරීම, නිරෝධායනය කල පුද්ගලයින්ගේ සහ ඇඳිරි නීතිය පනවා ඇති හෝ හුදකලා කර ඇති ප්‍රදේශ වල ජනතාවගේ ආර්ථික තත්ත්වය බිඳ නොවැටී පවත්වාගෙන යාම, වෛරස් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් හඳුනාගැනීමේ නව විද්‍යාත්මක ක්‍රමවේද සකස් කිරීම, වෛරස ප්‍රතිදේහ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීම සහ කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ වීම සඳහා දුරකථන පහසුකම් සැපයීම ආදී කරුණු ද විය. Nike air jordan Sneakers | UK Trainer News & Releases