Header

Sri Lanka Army

Defender of the Nation

23rd October 2020 14:47:37 Hours

භටකාර්ය සම්පාදන මාණ්ඩලික නිලධාරී පාඨමාලාව හැදෑරු දේශීය සහ විදේශීය උපාධිධාරින් විසිරයති

පුරා වසරක කාලයක් ත්‍රිකුණාමලය භටකාර්ය සම්පාදන විද්‍යාලයේ (ASL) දී පැවති භටකාර්ය සම්පාදන මාණ්ඩලික නිලධාරි පාඨමාලා අංක - 06 සාර්ථකව හැදෑරු නාවික හමුදා නිලධාරියෙකු, ගුවන් හමුදා නිලධාරීයෙකු, බංගලාදේශ හමුදා නිලධාරීයෙකු, පකිස්තානු හමුදා නිලධාරීයෙකු සහ සැම්බියානු හමුදා කාන්තා නිලධාරීනියක් ඇතුළු නිලධාරීන් 35 දෙනෙකු වෙත උපාධි සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය අද (22) දින කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාල ශ්‍රවණාගාරයේ දී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ජගත් ගුණවර්ධන සහ භටකාර්ය සම්පාදන විද්‍යාලයේ (ASL) සේනාවිධායක බ්‍රිගේඩියර් සමන් ලියනගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු මහත් හරසරින් යුතුව පිළිගන්නා ලදී.

මෙම පාඨමාලාවේ දී උපදේශක යුද්ධ හමුදා නිලධාරින්, රාජය ආයතනයන්හි සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ විද්වතුන් විසින් උපාධි අපේක්ෂකයින් හට පොදු මාණ්ඩලික රාජකාරින්, වගකීම් සහ කාර්යභාරයන්, සන්නිවේදන රෙගුලාසි සහ සම්මුතින්, ලිඛිත සහ වාචික නියෝග, පරිපාලන මුලධර්ම, රෙජිමේන්තු මට්ටමේ භටකාර්ය සම්පාදනය, භටකාර්ය සම්පාදන මෙහෙයුම්, භටකාර්ය සම්පාදන නියමයන්, ප්‍රයෝගික වෙනස්වීමේ අවස්ථාවන් සඳහා යොදාගන්නා විවිධ ක්‍රමවේදයන් වැනි විෂය ධාරාවන් පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාදී ඇත.

භටකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායකතුමන් විසින් පිළිගැනීමේ කථාව සිදු කිරීමෙන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු සම්භාවනිය ආරාධිත අමුත්තන් විසින් උපාධිලාභීන් 35 දෙනා වෙත සංකේතාත්මකව සහතිකපත් ප්‍රදානය කළහ.

මෙම උත්සවයේ සුවිශේෂි අවස්ථාවක් ලෙස භටකාර්ය සම්පාදන විද්‍යාලය (ASL) මගින් පිරිනමනු ලබන මෙවර පාඨමාලාවේ ‘හොඳම භ‍ටකාර්ය සම්පාදන සැළසුම්කරු’ සම්මානයෙන් පිදුම් ලැබීමට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් බී.ඩි.එල්. තෙන්නකොන් සමත් වූ අතර ඉංජිනේරු සේවා බලකායේ කපිතන් ඒ.ඩි.බී. පුෂ්ප කුමාර මෙවර පාඨමාලාවේ ‘හොඳම සමස්ථ දක්‍ෂතාවය’ වෙනුවෙන් සම්මාන දිනාගත්තේය.

මෙම අවස්ථාවට සහභාගී වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා භටකාර්ය සම්පාදනය පිළිබඳ වෘත්තීය පාඨමාලාව හැදෑරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. ලෝකයේ පවතින සෞඛ්‍ය තර්ජන මධ්‍යයේ පාඨමාලාවට සම්බන්ධ වීම පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් විදේශීය උපාධිධාරීන්ට සිය සුබ පැතුම් පිරිනැමීය.

මීට වසර කිහිපයකට පෙර පනාගොඩ හමුදා කඳවුරේ සහ අනෙකුත් ස්ථානයන්හි පැවැත්වූ භටකාර්ය සම්පාදනය පිළිබඳ සියලු පුහුණු වැඩසටහන් 2011 මැයි මස භටකාර්ය සම්පාදන විද්‍යාලය ස්ථාපිත කිරීමෙන් පසු ඒකාබද්ධ කරන ලදී.

මෙම උපාධි ප්‍රදානෝත්සවය සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, අධ්‍යක්‍ෂවරුන්, ජ්‍යෙෂ්ට නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, උපාධිලාභීන් ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගි වූහ. best Running shoes | Air Jordan 1 Retro High OG Retro High OG Hyper Royal 555088-402 , Fitforhealth