Header

Sri Lanka Army

Defender of the Nation

20th October 2020 21:54:37 Hours

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත යුද්ධ හමුදාව විසින් කන්දකාඩු රෝහල ප්‍රතිසංස්කරණය කළ බව යුද්ධ හමුදාධිපතිතුමන් පවසයි

කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කිරීමත්, සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමත්, පොදු උත්සව හා රැස්වීම් නොපැවැත්වීම සහ මහජනතාවගේ වගකීම් විරහිත ක්‍රියා තුළින් වෛරසය පැතිරීම වැළැක්වීමේ ක්‍රියාවලිය පිළිබඳව අඩු සැලකිල්ලක් දැක්වීම යන කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් ඉදිරියේදී දැඩි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් පිළිපදින්නැයි මහජනතාවට යළි යළිත් දැනුම්දිය යුතු බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කාර්ය සාධක බලකායේ අද (20) දින සන්ධ්‍යාවේ පැවැති සාකච්ඡාවකදී අවධාරණය කෙරිණි.         

මෙම සාකච්ඡාව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන්, කාර්යසාධක බලකායේ සාමාජිකයින් සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙහිදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, මිනුවන්ගොඩ සහ කටුනායක නිදහස් වෙළඳ කලාපය සහ ඒ අවට ප්‍රදේශවලින් වෛරසය ආසාදනය වූ නව ආසාදිතයින් හදුනාගෙන ඔවුන් රෝහල් වෙත ඇතුලත් කිරීමට සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්, වසංගත රෝග විද්‍යාඥයින් සහ සෞඛ්‍ය සේවකයිනුත් ඔවුන්ට සහය දැක්වූ යුද්ධ හමුදා සාමාජිකයිනුත් ඉටුකළ අභියෝගාත්මක කාර්යභාරය විස්තර කළේය.

එසේම අද දින යළි ප්‍රදේශ කිහිපකට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වීම හේතුවෙන් එම ප්‍රදේශවලින් පසුගිය පැය 72 ක කාලය තුළ වැඩි වශයෙන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් වාර්තා වීම බව මෙහිදි අවධාරණය කෙරිණි. එසේම නිදහස් වෙළඳ කලාපයේ විවිධ ඇඟළුම් කම්හල් සහ කර්මාන්තශාලවල සේවක පිරිස් බොහෝ අවස්ථාවල එකම නවතැන් පොළවල රැඳී සිටීම හේතුවෙන් වෛරසය සම්ප්‍රේෂණයවීමේ වැඩි ඉඩ ප්‍රස්ථාවක් පවතින බවත් අවධාරණය කෙරුණි. එසේම ජාතියක් ලෙස ප්‍රජා වගකීම් ඉටුකිරීමේ අවශ්‍යතාව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එහිදී සිහිපත් කළේය.

පවතින තත්ත්වය තවදුරටත් දරුණු අතට පත්වූහොත් හදිසි අවස්ථාවලදී භාවිතා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ ඉල්ලීම මත ඇඳන් 400 කට වැඩි ප්‍රමාණයක් සමන්විත නැගෙනහිර පිහිටි කන්දකඩු රෝහල සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි ඔවුන් වෙත පැවරිය යුතු බව යුද්ධ හමුදාධිපතිතුමන් මෙම සාකච්ඡාවට එක්වූවන්ට පැවසීය. සෑම පුරවැසියෙකුම සංචාරය කර ඇති ස්ථාන, වෛරසය ආසාදනය වූවන් සමඟ ඇති කරගත් සම්බන්ධතා සහ ස්වයං නිරෝධායනය යනාදිය පිළිබඳ සත්‍ය තොරතුරු ප්‍රකාශ කිරීමට අවශ්‍ය බවද යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් පැවසීය. මෙය සමාජ අපකීර්තියක් ලෙස නොව ලොව පුරාම ව්‍යාප්ත වී ඇති වෛරස් ආසාදනයක් ලෙස සැලකිය යුතු බවත් අප සැවොම නිරෝගිව සිටීමෙන් අපගේ සමාජය, ඔබේ සහෝදර සහෝදරියන් වැඩි ප්‍රමාණයක් ආරක්‍ෂා වනු ඇති බවත් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

මෙම වෛරසය තවදුරටත් පැතිරයාම වැළැක්විමේ ක්‍රමවේදයන් පුළුල් කිරීමේ අවශතාවය සහ නව ප්‍රවේශයන් තුළින් වෛරසය ව්‍යාප්තවීම අවම කර අනෙකුත් රටවල් සමඟ සංසන්දනය කිරීමේ අවශ්‍යතාවය කාර්ය සාධක බලකායේ විශේෂඥයින් සාකච්ඡාව අතරතුරදී යෝජනා කළහ. වෛරසය පැතිරීම වැළැක්වීමේ දැවැන්ත කාර්යභාරයේ නිරතව සිටින සියලුම පාර්ශවකරුවන් දිරිමත් කිරීමේ අවශ්‍යතාවය ද මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.

මෙම සාකච්ඡාවේදී PCR පරික්‍ෂණ සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ කට්ටල ලබාදීම පිළිබඳව වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෝක සෞඛ්‍ය සංවිධානයට ස්තූතිය පුද කළේය. best Running shoes brand | Air Jordan