Header

Sri Lanka Army

Defender of the Nation

28th October 2020 17:24:04 Hours

නුඳුරේදී විශ්‍රාම දිවියට පා තබන ගුවන් හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති හමුවෙයි

නුඳුරේදී විශ්‍රාම දිවියට පා තබන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් සිය ධුරයෙන් නික්ම යාමට ප්‍රථම, අද (28) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේදී කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

යුද්ධ හමුදා මුලස්ථානයට සපැමිණි ගුවන් හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායනුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව යුද්ධ හමුදා මුලස්ථානයේ විධායක ජෙනරල් මේජර් ජෙනරල් සේන වඩුගේ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගෙන සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීම සඳහා යුද්ධ හමුදා මුලස්ථානයේ සරඹ පිටිය වෙත කැටුව යන ලදී. එහිදී, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා භටපිරිස්ගෙන් සැදුම්ලත් වර්ණවත් සම්මාන මුරයේ ගෞරවාචරය ද ගුවන් හමුදාධිපතිතුමන් වෙත පිරිනැමීය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත සපැමිණි ගුවන් හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් මහත් හරසරින් යුතුව පිළිගන්නා ලදී.

යුද්ධ හමුදාපතිතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර පැවැති මෙම සුහද හමුවේදී, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ කාර්යභාරයේ අඛණ්ඩව නිරතව සිටින ත්‍රිවිධ හමුදාවේ පොදු ගැටළු පිළිබඳව සාකච්ඡා කළහ. අතීත මතකයන් පිළිබඳ සිහිපත් කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙපල යුද්ධ හමුදාව සහ ගුවන් හමුදාව අතර පවත්නා සහයෝගීතාව ද මෙහිදී සිහිපත් කළහ.

සුහද හමුව අවසානයේ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විශ්‍රාම ලබන ගුවන් හමුදාධිපතිතුමන්ට සුබ පැතුම් එක් කරමින් විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කළ අතර නික්ම යන ගුවන් හමුදාධිපතිතුමන් ද මෙම අවස්ථාව සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ද සමරු තිළිණයක් ප්‍රදානය කළේය. යුද්ධ හමුදා මුලස්ථානයෙන් නික්ම යාමට පෙර ගුවන් හමුදාධිපතිතුමන් යුද්ධ හමුදාධිපති කාර්යාලයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් තැබීය. latest Nike release | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals