2022-04-30 10:15:43
ආගමික සහයෝගීතාවය හා මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දෛනික රාමදාන් උපවාස කාලය අත්හැරීමෙන් පසු ඉස්ලාම් භක්තික නිලධාරීන් සහ සෙසුනිලයින් විසින් සිදුකරනු ලබන ‘ඉෆ්තාර්’ ආගමික චාරිත්‍ර වාරිත්‍ර සිදුකිරීමේ උත්සවය සිකුරාදා (29) දින පස්වරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.
2022-04-25 15:15:55
ලංකා වැවිලිකරුවන්ගේ රයිෆල් බළකා සාමාජිකයින්ගෙන් සමන්විත ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත ඒකාබද්ධ යුද්ධ හමුදාවන්හී පරාර්ථකාමී හා රණකාමී විරුවන්ගේ දීර්ඝකාලීන අතීත මතකයන් යලි ආවර්ජනය කිරීම උදෙසා ශතවර්ෂයක් පුරා පවතින සබඳතාවයන් ද පිළිබිඹු කරමින් 107 වන Anzac දිනය වෙනුවෙන් අද (25) දින ‘Australia House’ හිදී උදෑසන දේව මෙහෙයක් පවත්වන ලදී.
2022-04-18 16:43:08
සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාවෙන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේ රාජකාරි කටයුතු ආරම්භ කරමින් අද (18) දින පෙරවරුවේ සම්ප්‍රදායානුකූලව සියලු නිලයන් ඇමතීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූවේය.
2022-04-13 19:47:19
ප්රජාතන්ත්රවාදය සහ නිදහස සුරැකීමේ ඒකායන පරමාර්ථය පෙරදැරිව තම ජීවිතය සහ අත් පා පුදකරමින් එදා යුදබිමේ සතුරාට එරෙහිව සටන්වැදුනු ආකාරයත්, යුද බිමේදී දැක්වූ නිර්භීතකම සහ උත්තරීතර පරිත්‍යාගයන් යළි ආවර්ජනය කරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අප්‍රේල් මස 13 දින සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාවට ප්‍රථම ‘අභිමංසල’ සුවතා නිකේතනයේ සංචාරයක නිරත වෙමින් එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසා බලනු ලැබීය.
2022-04-13 00:01:42
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, සියලුම නිලධාරින්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් විසින් සියලුම ශ්‍රී ලාංකිකයින්ට උදාවු සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සිතුම් පැතුම් ඉටුවන සාමය සහ සතුට සපිරි සෞභාග්‍යයමත් සුභ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරයි!
2022-03-30 11:50:35
ශ්‍රී ලංකාව පිළිබඳ සර්ව පාක්ෂික කණ්ඩායමේ සම සභාපතිවරයා මෙන්ම බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂ (British Conservative Party politician) දේශපාලනඥයෙකු වන ගරු මයිකල් නේස්බි පීසී සාමි (Rt Hon the Lord Michael Naseby PC) විසින් රචනා කරන ලද ‘ Sri Lanka: Paradise Lost; Paradise Regained ’ නම් ග්‍රන්ථය බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුමස්රණ ශාලාවේදී පසුගිය අඟහරුවාදා (29) දින සන්ධ්‍යාවේ එළිදක්වන ලදී.
2022-03-29 18:01:43
ඉඩම් අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ‘අපේ ගෙවත්තෙන් පටන් ගනිමු’ තේමාව යටතේ ක්‍රියාත්මක කරනු ලබන ‘හරිත දැයක්’ ජාතික ගෙවතු වගා සංග්‍රාමය - 2022 ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් අද (29) වන දින යුද්ධ හමුදා මූලස්ථානයට යාබදව පිහිටි ඇවිදින මංතීරු පරිශ්‍රය අවට එළවළු පැළ සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2022-03-27 21:12:26
බංගලාදේශයේ 51 වන නිදහස් දිනය හා ජාතික දිනය වෙනුවෙන් සැමරුම් උත්සවයක් පසුගිය සෙනසුරාදා (21) දින කොළඹ ගාලු මුවදොර හෝටල් පරිශ්‍රයේදී ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයන්හි රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ හා ආරක්ෂක උපදේශකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූහ.
2022-03-18 14:08:00
දිවංගත ලුතිතන් කර්නල් කේ.එල්.කේ. නානායක්කාර ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් අනුස්මරණය කරමින් ගනේමුල්ල, කැන්දලියද්දපාළුව ප්‍රදේශයේ රුපියල් මිලියන 1.5 ක පිරිවැයක් දරමින් ඉදිකරනු ලැබූ නව නිවස අද (18) දින උදෑසන පැවති උත්සවයකදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් ලුතිතන් කර්නල් කේ.එල්.කේ. නානායක්කාර (මියගිය) ගේ පවුලේ සාමාජිකයින් වෙත භාරදෙන ලදී.
2022-03-12 15:16:38
මාතර පරෙවි දූපතේ පිහිටි ශ්‍රී රෝහණ සංඝ සභාවේ උපෝෂිතාගාරය වෙත ප්‍රවිෂ්ට වීමට ස්ථාපිත කර තිබු එල්ලෙන පාලම පසුගියදා හදිසියේ කඩා වැටිමත් සමඟ යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ භටපිරිස්හි තාක්ෂණික දැනුම හා වෘත්තීය නිපුණත්වය යොදාගනිමින් සතියකටත් අඩු කාලයකදී තාවකාලික පාලමක් ඉදිකරන ලදී. මාතර නගරයත් පරෙවි දුපත් යා කරමින් අතිගරු ජනාධිපතිතුමන් ලබාදුන් උපදෙස් මත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති...