2023-02-11 07:41:10
දින පහක නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කමිටුවේ සභාපති ජෙනරල් සාහිර් ෂම්ෂාඩ් මිර්සා එච්අයි (එම්) (General Sahir Shamshad Mirza, HI (M)) සිකුරාදා (10) දින පස්වරුවේ දී යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.
2023-02-04 11:56:16
මවුබිමේ සෞභාග්‍යය, සාමය, සංහිඳියාව සහ දීර්ඝ කාලීන ස්ථාවරත්වය වෙනුවෙන් සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ අධීෂ්ඨානශීලී කැපවීම තවදුරටත් පිළිබිඹු කරමින් 75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (04) දින උදෑසන ගාලු මුවදොර පිටියේදී අභිමානවත් අයුරින් පැවැත්විණි. එම අවස්ථාව සඳහා භික්ෂූන් වහන්සේලා ප්රමුඛ ආගමික පූජකවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, අමාත්‍යවරුන්, ආරක්ෂක හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රාජ්‍ය හා සිවිල් සම්භාවනීය අමුත්තන් සහ තවත් ආරාධිතයින් රැසක් ද සහභාගී වූහ.
2023-02-01 23:06:11
75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව විනයගරුක, කීර්තිමත්, නොකැළැල් සහ පක්ෂපාතීව වසර 25 කට නොඅඩු සේවා කාලයක් සම්පූර්ණ කළ විශ්‍රාමික සහ සේවයේ යෙදී සිටින යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් 53 දෙනෙකු, නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් 17 දෙනෙකු සහ ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් 07 දෙනෙකු වෙත ‘විශිෂ්ඨ සේවා විභූෂණ’ පදක්කම පිරිනැමීම අද (01) දින මහනුවර ජනාධිපති මන්දීරයේදී සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී සිදුකෙරිණි.
2023-01-25 18:32:58
දකුණු සුඩානයේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය විසින් පවත්නාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලෙහි සාමසාධක රාජකාරී සඳහා පිටත්ව යාමට නියමිත 9 වන වෛද්‍ය කණ්ඩායම විසින් ඉකුත් බදාදා (25) දින වේරහැර පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත සිය ගෞරවාචාරය පිරිනමන ලදී.
2023-01-21 10:22:27
2007 වර්ෂයේදී යාන්ත්‍රික පාබල රෙජිමේන්තු ඒකකයක් බවට ස්ථාපනය කරනු ලැබූ 4 වන ගජබා රෙජිමේන්තුව නැවත ස්ථාපනය කරමින් එම ඒකකයේ සම්ප්‍රදායානුකූල ධජ ප්රදානෝත්සවය ඉකුත් සිකුරාදා (20) දින සාලියපුර ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වනු ලැබූ අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී විය. ඒ අනුව ගජබා රෙජිමේන්තුවේ 24 වන ගජබා රෙජිමේන්තු ඒකකය 4 වන ගජබා රෙජිමේන්තුව ලෙස නැවත ස්ථාපනය කරන ලදී.
2023-01-20 11:22:54
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත සිය පාසල් අධ්‍යාපනය තුළ නොමැකෙන පාසල් දින මතකයන් සහ සන්ධිස්ථානයන් හැර දක්වමින් මාතලේ විජය විද්‍යාලය වෙතින් ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින එම විද්‍යාල පරිශ්‍රයේදී 24 වැනි යුද්ධ හමුදාධිපති ධූරයේ වැඩ භාරගත් ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත උපහාර පුදකිරීමේ උත්සවයක් සංවිධානය කරන ලදී.
2023-01-11 19:19:24
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ සංකල්පයකට අනුව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහයෝගීතාවය ඇතිව මානූෂීය මෙහෙයුමේදී රණක්ෂිතයට පත්ව අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’ සුවතා නිකේතනයේ දැනට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින වීරෝදාර රණවිරුවන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා ඉකුත් බදාදා (11) දින ‘මිහිඳු ආයුර්වේද සුව අරණ’ නමින් ආයුර්වේද ඖෂධ මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලදී.
2023-01-09 19:27:41
විශ්‍රාම ගැනීමෙන් අනතුරුව විදේශ රටවල රැකියා අවස්ථා උදාකරදීමේ අරමුණින් විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් සකසන ලද ‘මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ පාඨමාලා අංක - 1’ සමාරම්භක උත්සවය අද (09) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගි විය.
2023-01-05 09:51:32
මෙරට රග්බි සහ පාපන්දු කණ්ඩායම් අතරින් කැපී පෙනෙන දක්ෂතා දක්වන යුද්ධ හමුදා රග්බි සහ පාපන්දු කණ්ඩායම් සඳහා නව ජවයක් ලබාදෙමින් පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ඉදිකරනු ලැබූ නව රග්බි සහ පාපන්දු ක්‍රීඩාපිටිය බදාදා (04) දින විවෘත කරනු ලැබූ අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගි විය.
2023-01-02 15:27:13
2023 වර්ෂයේ පළමු වැඩකරන දිනය සනිටුහන් කරමින් ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී සඳුදා (02) දින උදෑසන පැවති කෙටි උත්සවයකදී ‘ජාතියේ ආරක්ෂකයින්’ වන යුද්ධ හමුදා සාමාජිකයන් ජාතික කොඩිය සහ යුද්ධ හමුදා කොඩිය එසවීම, රාජ්‍ය ප්‍රතිඥාව කියවීම, ජාතික ගීය සහ යුද්ධ හමුදා ගීතය ගායනා කිරීම සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පණිවිඩය කියවීම සිදුකරනු ලැබීය.