Header

Sri Lanka Army

Defender of the Nation

11th February 2023 07:41:10 Hours

පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කමිටුවේ සභාපති ජෙනරල් සාහිර් ෂම්ෂාඩ් මිර්සා එච්අයි (එම්) වෙත යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදා ගෞරවාචාරය පිරිනමයි

දින පහක නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කමිටුවේ සභාපති ජෙනරල් සාහිර් ෂම්ෂාඩ් මිර්සා එච්අයි (එම්) (General Sahir Shamshad Mirza, HI (M)) සිකුරාදා (10) දින පස්වරුවේ දී යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.

යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි ජෙනරල් සාහිර් ෂම්ෂාඩ් මිර්සා එච්අයි (එම්) යුද්ධ හමුදා මූලස්ථානයේ බලසේනාධිපති කර්නල් ඩී.කේ.ආර් පෙරේරා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, අනතුරුව යුද්ධ හමුදා භටපිරිස් විසින් එතුමන් වෙත අලංකාරවත්වූ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.

ඉන් පසුව යුද්ධ හමුදාවේ විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්. එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සි විසින් වර්ණවත්වූ හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීම සඳහා එදින ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ජෙනරල් සාහිර් ෂම්ෂාඩ් මිර්සා එච්අයි (එම්) වෙත ආරාධනා කරන ලදී.

අනතුරුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ජෙනරල් සාහිර් ෂම්ෂාඩ් මිර්සා එච්අයි (එම්) ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එතුමන් වෙත යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් හඳුන්වා දෙනු ලැබූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමගින් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ. පසුව යුධ සේවා ලේකම් මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සි විසින් ජෙනරල් සාහිර් ෂම්ෂාඩ් මිර්සා එච්අයි (එම්) යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත කැටුව යන ලදී.

සුහද හමුවේ දී ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සහ පාකිස්ථාන සන්නද්ධ හමුදාවන්ට වැදගත් වන පුහුණු අභ්‍යාස, කලාපයේ ආරක්‍ෂාව සහ ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් අදහස් හුවමාරු කර ගන්නා ලදී.

සුහද හමුව අවසානයේදී ජෙනරල් සාහිර් ෂම්ෂාඩ් මිර්සා එච්අයි (එම්) මෙම සංචාරය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපති කාර්යාලයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද තැබීය. අනතුරුව දෙරටෙහි යුද්ධ හමුදාවන්හි සුහදතාවය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුක් සිදුකරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා යුධ සේවා ලේකම්වරයා ද සහභාගී විය.