2023-02-27 09:25:02
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක ධූරයේ රාජකාරි කර එම ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් ඉකුත් බදාදා (පෙබ 22) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී පවත්වන ලදී.
2023-02-17 21:29:47
උසස්වීම් ලද ශ්‍රී ලංකා සංඥා බලකායේ මේජර් ජෙනරල් ප්‍රියන්ත දසනායක වෙත හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාර පුදකිරිමේ උත්සවයක් පසුගිය සිකුරාදා (පෙබරවාරි මස 21) දින පනාගොඩ, ශ්‍රී ලංකා සංඥා බලකාය මූලස්ථානයේදී පැවැත්විණි.
2023-02-17 21:26:37
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර ලෙස නව ධූරයේ රාජකාරි භාරගත් මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි ප්‍රථම නිල සංචාරය ලෙස පසුගිය සිකුරාදා (පෙබරවාරි 10) දින නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය.
2023-02-17 21:24:03
පල්ලෙකැලේ ප්‍රදේශයේ ස්ථාපිත 11 වන පාබල සේනාංකයේ 13 වන සංවත්සරය නිමිත්තෙන් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රෝහිත අළුවිහාරේ ගේ මඟපෙන්වීම මත පෙබරවාරි මස 14 සහ 15 දෙදින තුළ බෞද්ධ ආගමික වතාවත් සිදුකරමින් හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව ප්‍රජා සත්කාරක වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-02-15 18:36:29
ශ්‍රී ලංකා සංඥා බලකායේ ප්‍රධාන සංඥා නිලධාරී සහ ශ්‍රි ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ලලිත් හේරත් 9 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරිගේ ඉල්ලීමකට අනුව ඉකුත් ඉරිදා (12) දින ඉරණමඩු ප්‍රදේශයේ ස්ථාපිත 9 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ ක්ෂේත්‍ර සංචාරයක නිරත විය.
2023-02-13 21:45:25
දඹුල්ලේ පිහිටි යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 16 වන අභිමානවත් සංවත්සරය එම රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ගේ උපදෙස් මත පසුගිය සෙනසුරාදා ( 11) දින එතුමන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
2023-02-13 21:40:25
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විපුල චන්ද්‍රසිරි, ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් නව නිල ලාංඡනය පැළදීමෙන් අනතුරුව ඉකුත් සෙනසුරාදා (04) දින ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන පාබල සේනාංක භටපිරිස් සහ එම සේනාංකය යටතේ ඇති බලසේනාවන්හි සහ ඒකකයන්හි භටපිරිස් මූලිකත්වයෙන් අම්පාර ප්‍රදේශයේ ස්ථාපිත 24 වන පාබල සේනාංක මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාරය එතුමන් වෙත පුදකරනු ලැබීය.
2023-02-13 21:30:25
අභිනවයෙන් උසස්වීම් ලබා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් නිල ලාංඡන පළඳවා පුනරීන් හි පිහිටි 66 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් ජයවර්ධන වෙත පසුගිය බදාදා (8) දින එම සේනාංකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය පුදකරන ලදී.
2023-02-13 21:25:25
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් ලෙස සිය ධූරයේ රාජකාරි භාරගන්නා ලද මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල පසුගිය 08 සහ 09 සහ දිනයන්හිදී යාන්ත්‍රික පාබල බලසේනා මූලස්ථානය, යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානය, 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සහ 5 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව වෙත සිය පළමු නිල සංචාරයේ නිරත විය.
2023-02-13 21:20:25
ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල එම ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව පල්ලෙකැලේ පිහිටි 6 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව වෙත ප්‍රථම නිල සංචාරය පසුගිය බදාදා (08) දින සිදු කරන ලදී. එතුමන් මීට වසර 13 කට පමණ පෙර එම ඒකකයේ අණදෙන නිලධාරි වශයෙන් රාජකාරි සිදුකරනු ලැබීය. කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ලංකා අමරපාල එම ඒකකයේ අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් චමිල ලහදසිංහ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.