Header

Sri Lanka Army

Defender of the Nation

15th February 2023 18:36:29 Hours

මේජර් ජෙනරල් ලලිත් හේරත් 9 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ ක්‍ෂේත්‍ර සංචාරයක

ශ්‍රී ලංකා සංඥා බලකායේ ප්‍රධාන සංඥා නිලධාරී සහ ශ්‍රි ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ලලිත් හේරත් 9 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරිගේ ඉල්ලීමකට අනුව ඉකුත් ඉරිදා (12) දින ඉරණමඩු ප්‍රදේශයේ ස්ථාපිත 9 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ ක්‍ෂේත්‍ර සංචාරයක නිරත විය.

9 වන ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත සපැමිණි මේජර් ජෙනරල් ලලිත් හේරත් එම ඒකකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් පසුව අණදෙන නිලධාරිතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව එතුමන් එම අවස්ථාව සිහිවනු වස් එම කඳවුරු පරිශ්‍රය තුළ අඹ පැළයක් ද රෝපණය කළේය.

මේජර් ජෙනරල් ලලිත් හේරත් සියලුම නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට එක්වූ අතර, පසුව කඳවුරු පරිශ්‍රය තුළ අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද ශ්‍රවණාගාරය, කාය වර්ධන මධ්‍යස්ථානය සහ පුස්තකාල සංකීර්ණය විවෘත කරනු ලැබු එතුමන් භටපිරිස් ඇමතීය. වැඩසටහන අවසානයේදී මේජර් ජෙනරල් ලලිත් හේරත් යුද්ධ හමුදාව වෙනුවෙන් ඉටුකළ ආදර්ශවත් සේවය අගයමින් ඒකකයේ අණදෙන නිලධාරී විසින් සංකේතාත්මක සමරු තිළිණයක් ද පිරිනමන ලදී.

සියලු නිල තේපැන් සංග්‍රයක් සඳහා සහභාගී වූ මේජර් ජෙනරල් ලලිත් හේරත් පසුව සියලු නිලධාරීන් සමඟ දිවා භෝජන සංග්‍රහයකටද එක්විය. අනතුරුව එතුමන් 9 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ සමරු සටහන් පොතේ සටහනක්ද තැබීය.