Header

Sri Lanka Army

Defender of the Nation

13th February 2023 21:30:25 Hours

උසස්වීම් ලැබූ 66 වන සේනාංකයේ සේනාංකාධිපතිට එම සේනාංකයේ ගෞරවාචාරය

අභිනවයෙන් උසස්වීම් ලබා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් නිල ලාංඡන පළඳවා පුනරීන් හි පිහිටි 66 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් ජයවර්ධන වෙත පසුගිය බදාදා (8) දින එම සේනාංකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය පුදකරන ලදී.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් නලින් ජයවර්ධන වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ.

අනතුරුව 66 වන සේනාංකයේ භටපිරිස් ඇමතූ මේජර් ජෙනරල් නලින් ජයවර්ධන උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, 66 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.