Header

Sri Lanka Army

Defender of the Nation

27th February 2023 09:25:02 Hours

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ නික්මයන සේනාවිධායක වෙත යුද්ධ හමුදා ගෞරවාචාර

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක ධූරයේ රාජකාරි කර එම ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් ඉකුත් බදාදා (පෙබ 22) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී පවත්වන ලදී.

ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි වෙත මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ දොරටුව අභියසදී යුද්ධ හමුදා පුහුණු පාසලේ අණදෙන නිලධාරි කර්නල් කුමාර රණතුංගගේ විසින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය. අනතුරුව භටපිරිස් අමතන ලද එතුමන් සියලු නිල තේපැන් සංග්‍රහයක් සඳහා ද සහභාගී විය.

මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි 2022 සැප්තැම්බර් මස 16 දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක ලෙස පත් කරන ලදී. එතුමන් මේවන විට පුදුකුඩිඉරිප්පු 68 පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස පත් කර ඇත.