Header

Sri Lanka Army

Defender of the Nation

පුවත් විශේෂාංග

  • සිංහපුර විහාරස්ථානයේ ‘සංඝාවාසය’ යුද්ධ හමුදා භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් ඉදි කෙරේ

    2023-07-07 21:30:05

    සිංහපුර විහාරස්ථානයේ ‘සංඝාවාසය’ යුද්ධ හමුදා භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් ඉදි කෙරේ

    ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයේ, 233 පාබල බලසේනාවේ අධීක්‍ෂණය යටතේ 9 ක්‍ෂේත්‍ර රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා භටපිරිස් විසින් දික්කැලේ ඤාණප්‍රදීපාලංකාර නායක ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමකට අනුව සිංහපුර ශ්‍රී ගැමුණු විහාරයේ "සංඝාවාසය" ඉදිකර එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් වෙත පසුගිය ඉරිදා (ජුලි 02) දින පැවති උත්සවයකදී භාරදෙනු ලැබීය. ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් යූ. ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී උපදෙස් මත ‘අත හිත’ මානුෂීය ව්‍යාපෘතියේ ප්‍රසාද් ලොකුබාලසූරිය මහතාගේ සම්බන්ධීකරණය ඇතිව රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන චින්තක අබේසේකර මහතා සහ විශාකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන තේජා කපුරුගේ මහත්මියගේ අනුග්‍රහය ඇතිව මෙම සංඝාවාසය ඉදිකරන ලදී.

  • ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපතිතුමන් 7 ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ සංචාරයක

    2023-07-07 21:25:18

    ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපතිතුමන් 7 ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ සංචාරයක

    ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සිය බලප්‍රදේශයේ වත්මන් තත්ත්වය නිරීක්‍ෂණය කිරීම සඳහා ඉකුත් සඳුදා (ජූනි 26) දින මින්නේරිය, බටුඔය, 7 ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ සංචාරයක නිරත විය. සංචාරයේ නිරත ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති වෙත එම කඳවුරේ ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුද කරනු ලැබු අතර, පසුව 7 ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, මේජර් ජේ.සී මාපටුන අතුලු නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් එතුමන් පිළිගන්නා ලදී. සංචාරය සිහිවනු වස් සේනාංකාධිපතිතුමන් විසින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපණය කරන ලදී. ඉන් අනතුරුව, 7 ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී විසින් දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය, යටිතල පහසුකම් සංවර්ධනය, නිලධාරීන් සහ භටපිරිස් පුහුණු කිරීම, සෙබළුන්ගේ සුබසාධන කටයුතු පිළිබඳව සේනාංකාධිපතිතුමන් දැනුවත් කරන ලදී.

  • ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ප්‍රධාන මුරහලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරමින් මුල්ගල තබයි

    2023-07-07 21:00:14

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ප්‍රධාන මුරහලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරමින් මුල්ගල තබයි

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්පී ගේ උපදෙස් පරිදි ඉදිකිරීමට යෝජිත එම බලසේනාවේ ප්‍රධාන මුරහලෙහි මුල්ගල තැබීම එතුමන්ගේ සුරතින් ආගමික වතාවත් මධ්‍යයේ චාරිත්‍රානුකූලව පසුගිය බ්‍රහස්පතින්දා (06) දින සිදුකරනු ලැබීය.

  • 231 පාබල බලසේනාව පිහිනුම් ක්‍රීඩකයාගේ වික්‍රමාන්විතයට උපහාර දක්වයි

    2023-07-06 22:00:35

    231 පාබල බලසේනාව පිහිනුම් ක්‍රීඩකයාගේ වික්‍රමාන්විතයට උපහාර දක්වයි

    මඩකලපුව කල්ලඩි ප්‍රදේශයේ තවේන්ද්‍රන් මධුෂිගන් නමැති 20 හැවිරිදි තරුණයා පසුගියදා ඉන්දියාවේ ධනුෂ්කොඩි සිට ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම දක්වා ඉන්දීය සාගරය හරහා පිහිනා මෙම කඩඉම තරණය කළ 4 වැනි පුද්ගලයා ලෙස වාර්තාවක් තැබීය.

  • නව පර්යේෂණ හා සංකල්ප අධ්‍යක්‍ෂ සිය ධූරයේ රාජකාරි අරඹයි

    2023-07-06 21:56:58

    නව පර්යේෂණ හා සංකල්ප අධ්‍යක්‍ෂ සිය ධූරයේ රාජකාරි අරඹයි

    ගැමුණු හේවා බළකායේ බ්‍රිගේඩියර් පී.සී.එල් ගුණවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී පර්යේෂණ හා සංකල්ප අධ්‍යක්ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස ඉකුත් බ්‍රහස්පතින්දා (ජූලි 6) දින යුද්ධ හමුදා මූලස්ථානයේ සිය කාර්යාලයේ පැවැති උත්සවයකදී රාජකාරි භාර ගන්නා ලදී.

  • යුද්ධ හමුදා භටපිරිස් සම්බන්ධීකරණයෙන් කෝකිලායි ප්‍රදේශයේ සමාජ සත්කාරක වැඩසටහනක් පවත්වයි

    2023-07-06 21:50:01

    යුද්ධ හමුදා භටපිරිස් සම්බන්ධීකරණයෙන් කෝකිලායි ප්‍රදේශයේ සමාජ සත්කාරක වැඩසටහනක් පවත්වයි

    ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් භටපිරිස් සම්බන්ධීකරණයෙන් කොළඹ ප්‍රදේශයේ දානපතියන් සහ පරිත්‍යාගශීලීන් පිරිසක් විසින් ලබාදුන් මූල්‍යමය අනුග්‍රහකත්වය මත ‘විශ්ව බෞද්ධාලෝක’ දහම් පාසලේ සිසුසිසුවියන්ට සහ ‘සිඟිත් දිවිහුරු’ පෙර පාසලේ දරු දැරියන් වෙත පානීය ජල අවශ්‍යතා සඳහා ජල ටැංකි පහක් සහ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් පොත්පත් ඇතුළු පාසල් උපකරණ තොගයක් පසුගිය ඇසළ පුර පසළොස්වක පොහොය දින (ජූලි මස 03) කෝකිලායි ‘ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදී’ බෙදාදෙන ලදී.

  • රණවිරු සම්පත් කේන්ද්‍රයේ පැවැති පාඨමාලාවන් නිමකළ කොමිෂන් නොලත් නිලධාරීන් 85 වෙත සහතික පත් ප්‍රදානය කෙරේ

    2023-07-06 21:40:05

    රණවිරු සම්පත් කේන්ද්‍රයේ පැවැති පාඨමාලාවන් නිමකළ කොමිෂන් නොලත් නිලධාරීන් 85 වෙත සහතික පත් ප්‍රදානය කෙරේ

    පරිගණක මෘදුකාංග පාඨමාලාව, භූමි අලංකරණ තාක්ෂණ ශිල්පී පාඨමාලාව, පරිගණක යෙදුම් සහකාර පාඨමාලා, ඇලුමිනියම් පිළිසකර කිරීමේ පාඨමාලාව, ත්‍රිරෝද රථ සහ මෝටර් බයිසිකල් අළුත්වැඩියා කිරීමේ පාඨමාලාව වැනි මාස 6ක් පුරා පැවැත් වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරූ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා සහතිකපත් පිරිනැමිමේ උත්සවය ජූනි මස 28 දින රණවිරු සම්පත් මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

  • චීන බෞද්ධ ප්‍රජාවගේ අනුග්‍රාහකත්වය මත ලබාදුන් වියළි ආහාර සලාක පාර්සල් යුද්ධ හමුදා භටපිරිස් සම්බන්ධීකරණයෙන් බෙදාදෙයි

    2023-07-05 20:51:55

    චීන බෞද්ධ ප්‍රජාවගේ අනුග්‍රාහකත්වය මත ලබාදුන් වියළි ආහාර සලාක පාර්සල් යුද්ධ හමුදා භටපිරිස් සම්බන්ධීකරණයෙන් බෙදාදෙයි

    චීන බෞද්ධ ප්‍රජාවගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව 24 පාබල සේනාංකයේ සම්බන්ධීකරණයෙන් අම්පාර, මහඔය, බණ්ඩාරදූව සහ ගෝනගොල්ල ප්‍රදේශයන්හි පදිංචි අඩු ආදායම්ලාභී පවුල් 250 ක් අතර රු.5100.00 ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වියලි ආහාර සළාක පාර්සල් බෙදා දීමේ සමාජ සත්කාරක වැඩසටහනක් එම ප්‍රදේශවල පිහිටි ශ්‍රී ඤාණවිජයලෝක, ශ්‍රී ගෝතම සහ ශ්‍රී විමලාරාම යන විහාරස්ථානයන්හිදී පසුගිය ඉරිදා (ජුලි මස 02) දින ක්‍රියාත්මක කරනු ලැබීය.

  • ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් හෝමාගම ප්‍රදේශයේ පැවති බත් දන්සැල සඳහා සහයෝගය ලබාදෙයි

    2023-07-05 20:44:01

    ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් හෝමාගම ප්‍රදේශයේ පැවති බත් දන්සැල සඳහා සහයෝගය ලබාදෙයි

    ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් පසුගිය සදුදා (ජූලි මස 03) දින හෝමාගම, මාවතගම විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැත්වූ බත් දන්සැල සඳහා සහයෝගය ලබාදෙන ලදී. ‘මාවතගම තරුණ කැළ’ සංවිධානය විසින් ‘K.D Construction Pvt. Ltd’ ප්‍රද්ගලික සමාගමේ අනුග්‍රාහකත්වය ඇතිව ලබාදුන් බත් දන්සැලෙහි අතුරුපස ලෙස අයිස්ක්‍රීම් දන්සලක්ද පවත්වනු ලැබීය.

  • ජාතික ජල ක්‍රීඩා පිහිනුම් ශූරතාව - 2023, යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින් සිය දස්කම් දක්වයි

    2023-07-05 20:31:54

    ජාතික ජල ක්‍රීඩා පිහිනුම් ශූරතාව - 2023, යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින් සිය දස්කම් දක්වයි

    ජාතික හා ජාතික කනිෂ්ඨ පිහිනුම් ශූරතාවලිය - 2023, දීප ව්‍යාප්ත පිහිනුම් ක්‍රීඩකයින් රැසකගේ සහභාගීත්වයෙන් ජුනි මස 29 වන දින සිට ජූලි මස 01 වන දින දක්වා සුගතදාස ක්‍රීඩාංගණ පිහිනුම් තටාකයේදී පැවැත්වූහ.