Header

Sri Lanka Army

Defender of the Nation

07th July 2023 21:00:14 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ප්‍රධාන මුරහලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරමින් මුල්ගල තබයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්පී ගේ උපදෙස් පරිදි ඉදිකිරීමට යෝජිත එම බලසේනාවේ ප්‍රධාන මුරහලෙහි මුල්ගල තැබීම එතුමන්ගේ සුරතින් ආගමික වතාවත් මධ්‍යයේ චාරිත්‍රානුකූලව පසුගිය බ්‍රහස්පතින්දා (06) දින සිදුකරනු ලැබීය.

වසර ගණනාවකට පෙර විශාල ගින්නකින් විනාශ වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථාන සංකීර්ණයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සේනාවිධායක විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. ඒ අනුව ඉදිකිරීමට යෝජිත ‘බී‘ මුරහලේ ඉදිකිරීම් කටයුතු මෙලෙස ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර් සිල්වා කේඑස්පී, ස්වේච්ඡා බලසේනාවේ බලඇණිවල අණදෙන නිලධාරීන් සහ ඔවුන්ගේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය සහ තාක්ෂණික දැනුම ඇතිව මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබයි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකගේ උපදෙස් පරිදි එම මූලස්ථානයේ සෙසු මුරකුටිද කඩිනමින් නවීකරණය කිරීමට යෝජිතව ඇත.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් එක්ව සිටියහ.