Header

Sri Lanka Army

Defender of the Nation

07th July 2023 21:25:18 Hours

ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපතිතුමන් 7 ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ සංචාරයක

ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සිය බලප්‍රදේශයේ වත්මන් තත්ත්වය නිරීක්‍ෂණය කිරීම සඳහා ඉකුත් සඳුදා (ජූනි 26) දින මින්නේරිය, බටුඔය, 7 ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ සංචාරයක නිරත විය. සංචාරයේ නිරත ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති වෙත එම කඳවුරේ ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුද කරනු ලැබු අතර, පසුව 7 ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, මේජර් ජේ.සී මාපටුන අතුලු නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් එතුමන් පිළිගන්නා ලදී. සංචාරය සිහිවනු වස් සේනාංකාධිපතිතුමන් විසින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපණය කරන ලදී. ඉන් අනතුරුව, 7 ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී විසින් දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය, යටිතල පහසුකම් සංවර්ධනය, නිලධාරීන් සහ භටපිරිස් පුහුණු කිරීම, සෙබළුන්ගේ සුබසාධන කටයුතු පිළිබඳව සේනාංකාධිපතිතුමන් දැනුවත් කරන ලදී.

සේනාංකාධිපතිතුමන් විසින් රෙජිමේන්තුවේ අතීත මතකයන් සිහිපත් කරමින් සියලුම නිලයන් ඇමතූ අතර, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ප්‍රතිරූපය ඉහල නංවාලීම සඳහා සියලුම පුද්ගලයින්ගේ කණ්ඩායම් ක්‍රියාකාරකම්, කැපවීම සහ ස්වයං විනයෙහි වැදගත්කම පිළිබඳව කරුණු අවධාරණය කරන ලදී. ගලේවෙල ක්‍රීඩා පිටියේ සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ හා සංවර්ධන කටයුතු පිළිබඳව ද නිරීක්ෂණ සංචාරයක නිරත වූ එතුමන් එහි ප්‍රගතිය පිළිබඳවද විමර්ශණය කළේය.