Header

Sri Lanka Army

Defender of the Nation

05th July 2023 20:51:55 Hours

චීන බෞද්ධ ප්‍රජාවගේ අනුග්‍රාහකත්වය මත ලබාදුන් වියළි ආහාර සලාක පාර්සල් යුද්ධ හමුදා භටපිරිස් සම්බන්ධීකරණයෙන් බෙදාදෙයි

චීන බෞද්ධ ප්‍රජාවගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව 24 පාබල සේනාංකයේ සම්බන්ධීකරණයෙන් අම්පාර, මහඔය, බණ්ඩාරදූව සහ ගෝනගොල්ල ප්‍රදේශයන්හි පදිංචි අඩු ආදායම්ලාභී පවුල් 250 ක් අතර රු.5100.00 ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වියලි ආහාර සළාක පාර්සල් බෙදා දීමේ සමාජ සත්කාරක වැඩසටහනක් එම ප්‍රදේශවල පිහිටි ශ්‍රී ඤාණවිජයලෝක, ශ්‍රී ගෝතම සහ ශ්‍රී විමලාරාම යන විහාරස්ථානයන්හිදී පසුගිය ඉරිදා (ජුලි මස 02) දින ක්‍රියාත්මක කරනු ලැබීය.

24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත 241 පාබල බලසේනාවේ භටපිරිස් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. නිශාන්ත විතාරණ සහ උදය කරුණාරත්න යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සහ අදාල චීන බෞද්ධ ප්‍රජාව සම්බන්ධීකරණයෙන් එම විහාරස්ථානයන්හී භික්ෂූන් වහන්සේලාගේ ආශිර්වාදය ඇතිව මෙම වැඩසටහන සිදුකරන ලදී. 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී, 241 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එල්.එස්.ඩී.එන් පතිරත්න ආර්එස්පී යූඑස්පී සහ 16 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරී මෙම වැඩසටහනේ සංවිධාන කටයුතු සඳහා සහයෝගය ලබාදුන්හ. මෙම අවස්ථාව සඳහා 241 පාබල බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් කිහිප දෙනෙකු ද සහභාගී වූහ.