Header

Sri Lanka Army

Defender of the Nation

06th July 2023 21:56:58 Hours

නව පර්යේෂණ හා සංකල්ප අධ්‍යක්‍ෂ සිය ධූරයේ රාජකාරි අරඹයි

ගැමුණු හේවා බළකායේ බ්‍රිගේඩියර් පී.සී.එල් ගුණවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී පර්යේෂණ හා සංකල්ප අධ්‍යක්ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස ඉකුත් බ්‍රහස්පතින්දා (ජූලි 6) දින යුද්ධ හමුදා මූලස්ථානයේ සිය කාර්යාලයේ පැවැති උත්සවයකදී රාජකාරි භාර ගන්නා ලදී.

බ්‍රිගේඩියර් පී.සී.එල් ගුණවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී සිය කාර්යාලයේදී සුභ මොහොතින් නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය. මෙම නව පත්වීමට පෙර එතුමන් 1 බලකා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ධූරයේ රාජකාරි හොඹවන ලදී.

මෙම රාජකාරි භාරගැනීමේ උත්සව අවස්ථාව සඳහා පර්යේෂණ හා සංකල්ප අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ. පර්යේෂණ සංකල්ප අධ්‍යක්‍ෂ ධූරයේ රාජකාරි සිදුකළ මේජර් ජෙනරල් ජී.ඒ.ඩබ්ලිව්.සෙනෙවිරත්න යූඑස්පී පීඑස්සී මන්නාරම ප්‍රදේශයේ ස්ථාපිත 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරයට පත් කර ඇත.