2023-08-09 18:09:04
අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානය වෙතින් පාඨමාලාවන් තුලින් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ එම රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් සහ කොමිෂන් නොලත් නිලධාරින් අභිප්‍රේරණය කිරීමේ අරමුණින් ඔවුන් වෙත මූල්‍ය දිරිදීමනා...
2023-08-09 18:07:04
හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි 12 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී අගෝස්තු මස 04 දින පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
2023-08-09 18:05:04
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ සෙසුනිල භෝජනාගාර, ආපනශාලාව, රෙදි සෝදන ස්ථානය අගෝස්තු මස 08 වන දින පැවති කෙටි උත්සවයකදී එම පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී ගේ සුරතින් විවෘත කෙරිණි.
2023-08-09 18:03:04
ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පි වීඑස්වි යූඑස්පි පීඑස්සි 4 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරිතුමන්ගේ ආරාධනයකට අනුව පසුගිය බදාදා (අගෝස්තු මස 02) දින එම ඒකකයේ සංචාරයක නිරතවිය.
2023-08-09 18:01:04
582 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්.ඩබ්ලිව්.ආර්. ප්‍රසන්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත 1 බලකාය යටතේ ස්ථාපිත 58 පාබල සේනාංකයට අයත් 582 පාබල බලසේනාවේ අභිමානවත් 16 වන සංවත්සර දිනය වෙනුවෙන් අගෝස්තු මස 03 දින සැමරුම් උත්සවයක් පැවැත්විණි.
2023-08-09 18:00:57
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වි යූඑස්පී පීඑස්සී එන්ඩීයූ සහ 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 521 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් පසුගිය ඉරිදා (අගෝස්තු මස 06) දින අක්කාරෙයි වෙරළ තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-08-08 22:07:56
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයට අයත් 611 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 ගැමුණු හේවා බලකායේ භටපිරිස් රත්නපුර, මුද්දුව නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි කනදොල කුණු කන්දේ පසුගිය ඉරිදා (අගෝස්තු මස 6) දින මධ්‍යම රාත්‍රියේ ඇති වූ ගින්නක් කඩිනමින් මැඩපැවැත්වූහ.
2023-08-08 22:00:56
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී පසුගිය සඳුදා (අගෝස්තු මස 7) දින දඹුල්ල, අගුණුවැල්පැලැස්ස ප්‍රාදේශීය යුධෝපකරණ ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
2023-08-08 21:44:52
2009 වසරේ මැයි මාසයට ප්‍රථම ත්රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේදී රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමේ අරමුණින් පුනරුත්ථාපන අධ්යක්ෂ බ්‍රිගේඩියර් එස්.සී. ඒකනායක ආර්එස්පී 2023 ජුලි මස 29 දින අනුරාධපුර ‘අභිමංසල - 1’ සුවතා නිකේතනයේ සංචාරයක නිරතවිය.
2023-08-08 21:35:11
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයට අයත් 143 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 1 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් සියඹලාව ප්‍රාථමික විද්‍යාලයේ අඩු ආදායම්ලාභී පවුල්වල සිසු සිසුවියන් 13 දෙනෙකු සහ ගාල්ලේගොඩ ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් 24 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි 143 පාබල බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී පසුගිය අඟහරුවාදා (ජුලි මස 25) දින ක්‍රියාත්මක කරනු ලැබීය.