Header

Sri Lanka Army

Defender of the Nation

09th August 2023 18:03:04 Hours

ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපතිතුමන් 4 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සංචාරයක

ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පි වීඑස්වි යූඑස්පි පීඑස්සි 4 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරිතුමන්ගේ ආරාධනයකට අනුව පසුගිය බදාදා (අගෝස්තු මස 02) දින එම ඒකකයේ සංචාරයක නිරතවිය.

ඒකක මූලස්ථානය වෙත සපැමිණි ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරාවාචාරය පුදකිරීමෙන් අනතුරුව, එතුමන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපණය කළේය.

අණදෙන නිලධාරීතුමන් විසින් එම ඒකකයේ ඉතිහාසය, ව්‍යාපෘති, වත්මන් කාර්යභාරය සහ පරිපාලන කටයුතු පිළිබඳව සේනාංකාධිපතිතුමන් දැනුවත් කළේය. අනතුරුව, එතුමන් එම ඒකකයේ නිලධාරින් සහ සෙසුනිලයන් ආමන්ත්‍රණය කළේය.

සේනාංකාධිපතිතුමන් සිදුකළ දේශනයේදී එම ඒකකයේ ප්‍රවීණයින් විසින් සිදුකරනු ලැබූ විශිෂ්ඨ සේවය, ඉදිකිරීම් හා ක්‍රීඩා වැනි ක්ෂේත්‍රයන් රැසකින් දැක්වූ වෘත්තීමයභාවය පිළිබඳ පැසසුමට ලක්කළේය.

විශේෂයෙන් ජාතිය ගොඩනැගීමේ කාර්යභාරයන් සහ යුද්ධ හමුදාව තුළ සිදුකෙරෙන සියලුම ඉදිකිරීම් කටයුතු සඳහා ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් ලබාදෙනු ලබන ප්‍රශංසනීය සහයෝගය ඇගයීමට ලක්කරමින් ඔවුන් වෙත සිය කෘතඥතාවය පුදකළේය. අනතුරුව, සේනාංකාධිපතිතුමන් එම ඒකක පරිශ්‍රයේ නිරීක්‍ෂණ සංචාරයක ද නිරතවිය.