Header

Sri Lanka Army

Defender of the Nation

08th August 2023 21:35:11 Hours

1 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සම්බන්ධීකරණය මත පාසල් උපකරණ පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයට අයත් 143 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 1 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සියඹලාව ප්‍රාථමික විද්‍යාලයේ අඩු ආදායම්ලාභී පවුල්වල සිසු සිසුවියන් 13 දෙනෙකු සහ ගාල්ලේගොඩ ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් 24 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි 143 පාබල බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී පසුගිය අඟහරුවාදා (ජුලි මස 25) දින ක්‍රියාත්මක කරනු ලැබීය.

යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණය යටතේ වාරියපොල සහ කුලියාපිටිය SDB බැංකු ශාඛාවන් සහ කුරුණෑගල New Pharmacy (Pvt) Ltd ආයතනයේ අනුග්‍රාහකත්වය මත පැවති මෙම පරිත්‍යාග වැඩසටහනේදී ප්‍රතිලාභී සිසු සිසුවියන්ට රුපියල් 150,000/= කට අධික වටිනාකමකින් යුත් පාසල් උපකරණ හිමිවූහ.

මෙම අවස්ථාව සඳහා 1 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නිලධාරීන් සහ සෙසුනිලයන්, SDB බැංකුවේ සහ New Pharmacy Pvt Ltd ආයතනයේ නිලධාරීන්, ප්‍රතිලාභී සිසු සිසුවියන් සහ ගුරු භවතුන් ද සහභාගී වූහ. ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර, 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 143 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.