Header

Sri Lanka Army

Defender of the Nation

08th August 2023 22:00:56 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම, අගුණුවැල්පැලැස්ස ප්‍රාදේශීය යුධෝපකරණ ගබඩා සංකීර්ණයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී පසුගිය සඳුදා (අගෝස්තු මස 7) දින දඹුල්ල, අගුණුවැල්පැලැස්ස ප්‍රාදේශීය යුධෝපකරණ ගබඩා සංකීර්ණයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

එම පරිශ්‍රය වෙත සපැමිණී ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ (drive past) ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව යුධෝපකරණ ගබඩා සංකීර්ණයේ ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක සම්බන්ධීකරණ නිලධාරි සහ කාර්ය මණ්ඩලය විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, එම සංකීර්ණයේ මාණ්ඩලික නිලධාරින් විසින් යුධෝපකරණ ගබඩා සංකීර්ණයේ ආරක්‍ෂාව සහ පරිපාලන කටයුතු පිළිබඳ සවිස්තරාත්මක දැනුවත් කිරීමක් සිදුකළහ. එම පරිශ්‍රයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වූ මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී භටපිරිස් සමඟ සුහද අදහස් හුවමාරුවක ද නිරතවිය.

මෙම සංචාරය සඳහා 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින් සහ අණදෙන නිලධාරින් ද සහභාගී වූහ.