2023-09-02 18:00:17
කිලිනොච්චිය ප්‍රදේශයේ ස්ථාපිත 1 බලකා මූලස්ථානයට අයත් 2 කමාන්ඩෝ රෙජිමේන්තුවේ සුබසාධන ව්‍යාපෘතියක් ලෙස එම එ්කකයේ භටපිරිස් කිලිනොච්චිය, තිරුමුරුක්කණ්ඩි ප්‍රදේශයේ වෙසෙන ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු මස 31) දින පැවති කෙටි උත්සවයකදී නිවාසලාභින් වෙත පවරාදෙනු ලැබීය. නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය දායකත්වය එම ඒකකයේ භටපිරිස් විසින් ලබාදෙන ලදී.
2023-09-01 18:08:08
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ 39 වන සංවත්සර දිනය වෙනුවෙන් අගෝස්තු මස 26 දින සිට 31 දින දක්වා ආගමික සහ සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-08-31 21:43:27
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ...
2023-08-31 20:41:59
කොටිකාවත්ත සිංහ සමාජයේ සභාපති නිහාල් ධර්මසිරි මහතා ගේ අනුග්‍රාහකත්වය මත එතුමන්ගේ භාර්යාව සහ සිංහ සමාජයේ...
2023-08-31 20:38:23
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ කටයුතු...
2023-08-31 20:37:28
පසුගිය දා ධූරයේ රාජකාරි කටයුතු භාරගත් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති සහ අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අගෝස්තු මස 24 සිට 27 දින දක්වා කාලය තුළ යාන්ත්‍රික පාබල බලසේනාව, යාන්ත්‍රික පාබල පුහුණු පාසල, 1, 2, 3 යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සහ 5 (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ක්‍රියාකාරී අංශයන් පිළිබඳ සොයාබැලීමේ අරමුණින් එම මූලස්ථානයන්හි සංචාරයක නිරතවිය.
2023-08-31 20:13:35
ඕස්ට්‍රේලියාවේ ‘Melbourne Rebels’ සහ ‘Rugby Victoria’ සමාජ විසින් සංවිධානය කරන ලද සත් සාමාජික රගර් තරගාවලිය CR & FC පිටියේදී පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 29) දින පැවති අතර, එහි ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා රගර් කණ්ඩායම සමත්විය.
2023-08-31 20:04:35
1 බලකාය යටතේ ස්ථාපිත දඹුල්ල, ඉනාමළුව ප්‍රදේශයේ පිහිටි 53 පාබල සේනාංකයේ 27 වන සංවත්සර දිනය වෙනුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා (24) දින එම මූලස්ථාන පරිශ්‍රයේදී එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස් රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීසී ගේ මූලිකත්වයෙන් ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්විණි.
2023-08-30 20:10:40
ලන්ඩන් නුවර පැවති ‘ලෝක ටයිකොන්ඩෝ ශූරතාවලිය...
2023-08-30 20:07:00
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංක මූලස්ථානයේ භටපිරිස්හි මූලිකත්වයෙන් පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සහ ධීවර ජනතාවගේ ජීවනෝපාය තත්ත්වයන් හා ආදායම් ඉහළ නැංවීමේ අරමුණින් මිරිදිය මසුන් 2000 ක් අභිජනනය සඳහා පුදුකුඩිඉරුප්පු, මරුදමඩු වැවට මුදාහැරීමේ වැඩසටහනක් පසුගිය බදාදා (අගෝස්තු මස 23) දින සිදුකරන ලදී.