02nd September 2023 18:00:17 Hours
කිලිනොච්චිය ප්‍රදේශයේ ස්ථාපිත 1 බලකා මූලස්ථානයට අයත් 2 කමාන්ඩෝ රෙජිමේන්තුවේ සුබසාධන ව්‍යාපෘතියක් ලෙස එම එ්කකයේ භටපිරිස් කිලිනොච්චිය, තිරුමුරුක්කණ්ඩි ප්‍රදේශයේ වෙසෙන ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු මස 31) දින පැවති කෙටි උත්සවයකදී නිවාසලාභින් වෙත පවරාදෙනු ලැබීය. නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය දායකත්වය එම ඒකකයේ භටපිරිස් විසින් ලබාදෙන ලදී.
නිවාසලාභි කේ. දීෂ්වරන් මහතා එක් දියණියක් සහ එක් පුතනුවෙකු සමඟ 2 කමාන්ඩෝ රෙජිමේන්තු ඒකක මූලස්ථාන බලප්‍රදේශයේ පොල් අතු සෙවිලි කළ නිවසක ජීවත් වූහ. ඒ පිළිබඳ 2 කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ජී.එන්. ඇදිනාදුර ආර්එස්පී පීඑස්සී ඇතුළු එම ඒකකයේ භටපිරිස් දැනුවත් වීමෙන් අනතුරුව ස්ථීර ආදායම් මාර්ගයක් සහ ජීවනෝපායක් නොමැතිව දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන මෙම පවුල වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබීය.
කේ. දීෂ්වරන් මහතාගේ දණහිස් දෙකෙහි පසුගිය දිනක සිදුකරනු ලැබූ සැත්කමක් හේතුවෙන් ඇවිදීමට පවා අපහසු තත්ත්වයෙන් සිට ඇත. 2 කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ මඟපෙන්වීම මත එම ඒකකයේ භටපිරිස් විසින් මෙම නව නිවස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබීය.
2 කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිස් සපයනු ලැබූ අමුද්‍රව්‍ය සහ අරමුදල් යොදාගනිමින් නව නිවසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබීය. වැසි සමය ආරම්භවීමට ප්‍රථම භටපිරිස් විසින් සති 3 ක පමණ කෙටි කාලයක් තුළදී මුළුතැන් ගෙයක්, නාන කාමරයක් සහ වැසිකිළියක් සහිත නව නිවයේ ඉදිකිරීම් කටයුතු නිමකිරීමට සමත්වූහ. මෙහිදී, නිවාසලාභි පවුලේ සාමාජිකයන් වෙත වියළි ආහාර සලාක පාර්සලයක් සහ එම පවුලේ දරුවන් වෙත පාසල් උපකරණ ද පරිත්‍යාග කරනු ලැබීය.
මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කමාන්ඩෝ රෙජිමේන්තුවේ අධිපති සහ 53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීසී සමඟින් කමාන්ඩෝ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් බී.එම්.එස්.කේ.කේ. ධර්මවර්ධන ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී සහ 2 කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන් ද සහභාගී වූහ.
ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.