Header

Sri Lanka Army

Defender of the Nation

31st August 2023 20:13:35 Hours

ඕස්ට්‍රේලියාවේ රගර් පුහුණුව සඳහා යුද්ධ හමුදා කාන්තා ක්‍රීඩිකාවක් සුදුසුකම් ලබයි

ඕස්ට්‍රේලියාවේ ‘Melbourne Rebels’ සහ ‘Rugby Victoria’ සමාජ විසින් සංවිධානය කරන ලද සත් සාමාජික රගර් තරගාවලිය CR & FC පිටියේදී පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 29) දින පැවති අතර, එහි ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා රගර් කණ්ඩායම සමත්විය.

රගර් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ CR & FC ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් මෙරට ප්‍රමුඛ පෙළේ රගර් කණ්ඩායම් හතරක් ක්‍රීඩාකළහ.

තරඟාවලිය පැවැත්වීමේ මූලික අභිප්‍රාය වූයේ මෙරට රගර් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සඳහා මාස හයක කාලයක් ඔස්ට්‍රේලියාව තුළ පුහුණුවක් ලබාදීමට සහ ඔස්ට්‍රේලියාවේ ‘Melbourne Rebels’ ක්‍රීඩා සමාජය සඳහා ක්‍රීඩා කිරීමට ශිෂ්‍යත්වයක් ලබාදීමට තෝරා ගැනීමයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා රග්බි කණ්ඩායමේ නායක ලාන්ස් කෝප්‍රල් ඩී.සී.ටී. ලියනගේ තරඟාවලියේ පළමු පෙළ උත්සාහක දිනුම් ලාභියා වූ අතර, ඇය මාස හයක කාල සීමාවක් ඔස්ට්‍රේලියාවේ පුහුණුවීම් සඳහා ශිෂ්‍යත්වයක් හිමිකර ගැනීමට සමත් විය.

තරඟය නැරඹීම සඳහා යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.ඒ.එම් පීරිස් ආර්එස්පි යූඑස්පී පීඑස්සී පැමිණ සිටි අතර, එහිදී එතුමන් ඇතුළු යුද්ධ හමුදා රගර් කමිටු සාමාජිකයින් ජයග්‍රාහී කණ්ඩායම වෙත සුභ පැතුම් පිරිනැමීය.