Header

Sri Lanka Army

Defender of the Nation

01st September 2023 18:08:08 Hours

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ 39 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ 39 වන සංවත්සර දිනය වෙනුවෙන් අගෝස්තු මස 26 දින සිට 31 දින දක්වා ආගමික සහ සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබීය.

සංවත්සර සැමරුම් උත්සවය වෙනුවෙන් මින්නේරිය දේවාලයේ දේව පූජාවක් සහ සෝමාවතී විහාරස්ථානයේ බෝධි පූජාමය පිංකමක් මෙන්ම සැදැහැවතුන් වෙනුවෙන් දන්සැලැක් ද පැවති අතර, මෙම සංවත්සර සැමරුමට සමගාමීව රුධිර පරිත්‍යාග වැඩසටහනක් ද පැවැත්විණි.

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස්.කේ. ලියනවඩුගේ ආර්එස්පී ගේ උපදෙස් මත පුහුණු පාසලේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයන් මෙම උත්සව මාලාව සංවිධානය කරනු ලැබූහ.

සංවත්සර දිනය සනිටුහන් කරමින් බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස්.කේ. ලියනවඩුගේ ආර්එස්පී වෙත මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේවයේ නියුතු භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව එතුමන් භටපිරිස් අමතා එම පුහුණු මධ්‍යස්ථානයේ පුස්තකාලය වෙත පොත් පරිත්‍යාගයක් ද සිදුකරන ලදී.

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී පොළොන්නරුව මහ රෝහලේ වෛද්‍ය කාර්යය මණ්ඩලයේද සහයෝගය ඇතිව එම රෝහලේ අවශ්‍යතාවය සඳහා සිය රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්ද පැවැත්වූහ.