30th August 2023 20:07:00 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංක මූලස්ථානයේ භටපිරිස්හි මූලිකත්වයෙන් පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සහ ධීවර ජනතාවගේ ජීවනෝපාය තත්ත්වයන් හා ආදායම් ඉහළ නැංවීමේ අරමුණින් මිරිදිය මසුන් 2000 ක් අභිජනනය සඳහා පුදුකුඩිඉරුප්පු, මරුදමඩු වැවට මුදාහැරීමේ වැඩසටහනක් පසුගිය බදාදා (අගෝස්තු මස 23) දින සිදුකරන ලදී.
68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් විසින් ජාතික ජලජීවී හා වගා සංවර්ධන අධිකාරියේ (NAQDA) සහයෝගය ඇතිව මිරිදිය මත්ස්‍ය පැටවුන් අභිජනනය සඳහා යුදමය කාලයේදී කිලිනොච්චිය, මුහුදු කොටි ත්‍රස්තවාදීන් විසින් කිමිදුම් තටාකයක් ලෙස භාවිතා කරන ලද මරුදමඩු වැව යොදා ගන්නා ලදී.
උත්සව අවස්ථාවට 681 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එන්.ඩී.පී. ගුණතුංග සහ 68 පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී කර්නල් ජේ.එම්.ඩබ්ලිව්.කේ. ජයලත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී, ජාතික ජලජීවී හා වගා සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කිහිපදෙනෙකු සහ ග්‍රාමීය ධීවර කමිටු සාමාජිකයින් පිරිසක්ද එක්ව සිටියහ.