2024-11-25 06:36:43
ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස අද (24) දින පැවති සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය - 2024 සහ පොපි මල් සැමරුම් ප්‍රධාන උත්සවයට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.
2024-11-23 11:37:32
අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස අද දින (22) අකුරේගොඩ ආරක්ෂක සේනා මූලස්ථානයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේ දී ධූරයේ රාජකාරි භාරගැනීම සිදුවිය. එහිදී ජනාධිපතිතුමන් විසින් සියලු රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේ පොදු අරමුණක් ඇතිව එක්වී මාතෘභූමිය යහපත් ජාතියක් බවට පත්කිරීමට එක්ව කටයුතු කරන ලෙසයි.
2024-11-11 06:29:49
අධ්‍යාපන අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ පාසල් මට්ටමේ ශිෂ්‍යභට පුහුණු ආයතනය වන ජාතික ශිෂ්‍යභට බළකාය විසින් සංවිධානය කරනු ලැබූ හර්මන් ලූස් සහ ද සොයිසා අභියෝග කුසලාන - 2024 විසිර යාමේ පෙළපාලිය 2024 නොවැම්බර් මස 10 දින රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට පුහුණු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.
2024-10-24 18:58:15
ශ්‍රී ලංකාවේ නව ආග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ කොළඹ ප්‍රදේශයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී 2024 ඔක්තෝබර් මස 24 දින එතුමිය හමුවිය.
2024-10-11 05:55:48
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර සැමරුම අද (ඔක්තෝබර් මස 10) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේදී උත්කර්ශවත් අයුරින් සමරනු ලැබීය. යුද්ධ හමුදා ඉතිහාසයේ සංධිස්ථානයක් ලෙස සැලකෙන මෙම සංවත්සර දිනය දශක තුනකට අධික කාලයක් පුරාවට අනේකවිධ ගැටළුවලට මුහුණ දී ජාතියට තිරසාර සාමයක් උදාකර දීම වෙනුවෙන් ත්‍රස්තවාදය...
2024-10-10 00:00:00
2024-10-08 12:56:27
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ගේ අමිල මෙහෙවර සිහිපත් කිරීමේ රණවිරු අනුස්මරණ උත්සවය බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියසදී සඳුදා (07) දින සන්ධ්‍යාවේ පැවැත්විණි.
2024-10-05 05:07:54
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් අද දින (ඔක්තෝබර් 04) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අතිගරු 9 වන විධායක ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාවිධායක අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
2024-09-27 17:54:26
එළඹෙන යුද්ධ හමුදා දිනය (ඔක්තෝබර් මස 10) සහ 75 වන යුද්ධ හමුදා සැමරුමට සමාගාමීව යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීමේ උත්සවයක් අද (27) දින පෙරවරුවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධියේදී පැවැත්විණි.
2024-09-23 21:34:19
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි විධායක ජනාධිපතිවරයා සහ ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායක ලෙස අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක 2024 සැප්තැම්බර් මස 23 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දෙන ලදී. මෙම අවස්ථාවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.