2025-01-03 12:09:31
පසුගිය දා ධූරයේ රාජකාරි කටයුතු භාරගත් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී 2025 ජනවාරි මස 02 දින නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය කාර්යාලයේදී නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරල් කේ.පී.ඒ. ජයසේකර (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී හමුවිය.
2025-01-01 18:18:46
2025 වර්ෂයේ පළමු වැඩකරන දිනය සනිටුහන් කරමින් ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී බදාදා (ජනවාරි මස 01) දින උදෑසන උත්සවයක් පවත්වනු ලැබීය.
2025-01-01 14:56:16
ධූරයෙන් නික්ම යන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් වෙත හමුදා සම්ප්‍රදායානුකූලව ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 දෙසැම්බර් මස 31 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
2024-12-31 23:45:41
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී, 2025 නව වසර සියළුම යුද්ධ හමුදා සාමාජිකයන් වෙත සතුට සහ සෞභාග්‍යය සපිරි නව වසරක් වෙනුවෙන් සුබපැතුම් පිරිනමයි.
2024-12-31 17:44:55
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී අඟහරුවාදා (31) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති හමුදා සම්ප්‍රදායානූකූල උත්සවයකදී 25 වන යුද්ධ හමුදාධිපති ලෙස නව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
2024-12-31 07:33:48
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ නික්මයාම සනිටුහන් කරමින් 2024 දෙසැම්බර් මස 30 දින පනාගොඩ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූල සමුගැනීමේ උත්සවයක් පැවැත්විණි.
2024-12-30 12:48:24
ධූරයෙන් නික්ම යන ගජබා රෙජිමේන්තුවේ කීර්තිමත් සාමාජිකයෙකු වන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් වෙත 2024 දෙසැම්බර් මස 29 දින ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පවත්වනු ලැබීය.
2024-12-30 00:47:08
විශ්‍රාම දිවියට එළඹෙන ගජබා රෙජිමේන්තුවේ අභිමානවත් සාමාජිකයෙකු වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 දෙසැම්බර් මස 29 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙම උත්සවය එතුමන්ගේ ආදර්ශමත් සේවයට ගෞරව දැක්වීම සහ කෘතඥතාවය පුදකිරීමේ වැදගත් අවස්ථාවක් සනිටුහන් කරනු ලැබිණි.
2024-12-24 22:13:54
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ප්රමුඛ සියලුම යුද්ධ හමුදා සාමාජිකයන් විසින් සියළු ලෝකවාසීන් වෙත සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරි අසිරිමත් නත්තලක් වෙනුවෙන් සුබපැතුම් පිරිනමයි.
2024-12-22 12:09:31
දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙහි 99 වන විසිර යාමේ පෙළපාලිය 2024 දෙසැම්බර් මස 21 දින අභිමානවත් අයුරින් පැවති අතර, එම උත්සව අවස්ථාවට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරල් කේ.පී.ඒ. ජයසේකර (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය. එහිදී පුහුණුව සාර්ථකව අවසන් කළ කෙඩෙට් නිලධාරීන් 222 දෙනෙකු අධිකාරියට පත්ව තම මාතෘභූමියේ අභිවෘද්ධිය වෙනුවෙන් විසිර ගියහ..