12th August 2025
දේශමාන්‍ය ජෙනරල් ඩෙනිස් පෙරේරා 11 වන අනුස්මරණ දේශන උත්සවය 2025 අගෝස්තු මස 11 දින ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල උපාධි අධ්‍යයන පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් කේ.පී අරුණ ජයසේකර (විශ්‍රාමික) WWV RSP VSV USP ndc psc, විශ්‍රාමික ධජ නිල නිලධාරියෙකු ලෙස සහභාගි වූ මෙම උත්සවයට ශ්‍රී ලංකාවේ නේපාල තානාපති ආචාර්ය පූර්ණ බහදූර් නේපාලි මහතා සම්භාවනීය ආරාධිත අමුත්තෙකු ලෙස සහ දිවංගත ජෙනරල් ඩෙනිස් පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පවුලේ සාමාජිකයින් විශේෂ ආරාධිතයින් ලෙස සහභාගි වූහ. එසේම, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ද දේශකයෙකු ලෙස මෙම අවස්ථාවට සහභාගි විය.
උත්සව අවස්ථාවට පැමිණි ගෞරවනීය ආරාධිතයින් විශ්‍රාමික ධජ නිල නිලධාරින්ගේ සංගමයේ සභාපති එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල (විශ්‍රාමික) RWP, RSP, VSV, USP, M Phil (Def & Strat Stu), MSc (Def Stu) in Mgt, MIM (SL), ndc, psc විසින් පිළිගන්නා ලදී.
උත්සවය ආරම්භ කරමින් ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව, රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් වෙත ගෞරවය දැක්වීම සඳහා විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්විය. පසුව, සාම්ප්‍රදායිකව පොල් තෙල් පහන දල්වා උත්සවයේ කටයුතු ආරම්භ කල අතර, ඉන් පසුව, විශ්‍රාමික ධජ නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා විසින් දිවංගත ජෙනරල් ඩෙනිස් පෙරේරාගේ පිළිරුව වෙත මල්මාලාවක් පැළඳවූ අතර, අභාවප්‍රාප්ත ජෙනරල් ඩෙනිස් පෙරේරාගේ භාර්යාව වන රංජිනි පෙරේරා මහත්මිය විසින් එම පිළිරුව වෙත මල් කළඹක් තැබීය.
විශ්‍රාමික ධජ නිල නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා විසින් පිළිගැනීමේ කතාව පවත්වමින්, මෙම අවස්ථාවට ප්‍රධාන දේශකයා ලෙස පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් පිළිබඳව හඳුන්වා දෙමින් එතුමන් වෙත ගෞරවනීය දේශන පදක්කම ප්‍රදානය කළේය. පසුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් දේශනය පවත්වමින් දිවංගත ජෙනරල් ඩෙනිස් පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආදර්ශමත් සේවය, නායකත්වය සහ ජාතියේ ආරක්‍ෂාව වෙනුවෙන් සිදුකල දායකත්වය පෙන්වා දෙන ලදී.
උත්සවයේ අවසානය සනිටුහන් කරමින් සංවිධායක කමිටුවේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ක්‍රිෂාන් යහම්පත් (විශ්‍රාමික) VSV USP MSc psc විසින් ස්තූති කථාවක් පවත්වන ලදී. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් සහභාගිි වූහ.