යුද්ධ හමුදාධිපතිතුමන් ගුවන් හමුදා මූලස්ථානයේ නිල සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 ජූලි මස 04 දින ගුවන් හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වෙමින් ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා මූලස්ථානයේදී, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ WWV, RWP, RSP and three Bars, USP, fndu(China), psc, qhi හමු විය.

ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරි එයාර් කොමදෝරු බුද්ධික පියසිරි ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, අනතුරුව, ගුවන් හමුදා වර්ණ පක්ෂාංගයේ භටපිරිස් විසින් යුද්ධ හමුදාධිපතිතුමන්වෙත හමුදා සම්ප්‍රධායානුකූල සම්මාන මුරයක් පිරිනමන ලදී.

මෙම සංචාරය අතරතුරදී යුද්ධ හමුදාධිපතිතුමන් ගුවන් හමුදාධිපතිතුමන් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡාකළ අතර, සංචාරය අවසානයේදී මෙම අවස්ථාව සනිටුහන් කරමින් හමුදාධිපතිවරුන් සමරු ඵලක හුවමාරුවක් සිදුකරන ලදී.

මෙම අවස්ථාවට ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධාන, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයන් සහභාගි වූහ.

ඡායාරූප අනුග්‍රහය : www.airforce.lk