22nd July 2025
පාකිස්ථානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන ලුතිනන් ජෙනරල් සයිඩ් ආමර් රාසා ප්‍රමුඛ දූත පිරිසක් 2025 ජූලි මස 22 දින යුද්ධ හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.
යුද්ධ හමුදා මූලස්ථානය වෙත පැමිණි පාකිස්ථානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විධායක ජෙනරාල් මේජර් ජෙනරල් කේ.ටී.පී ද සිල්වා RSP ndu psc විසින් පිළිගැනීමෙන් අනතුරුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී.
ඉන් අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් සංචාරයේ නිරත පාකිස්ථානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන පිළිගන්නා ලදී. යුද්ධ හමුදාධිපතිතුමන් සංචාරයේ නිරත පාකිස්ථානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන වෙත යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් හඳුන්වාදීමෙන් අනතුරුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමූහ ඡායාරූපයකට පෙනීසිට සුහඳ සාකච්ඡාවක ද නිරතවිය.
මෙම සංචාරය සමාප්තියේ, දෙරටෙහි හමුදාවන් අතර පවතින අන්‍යෝන්‍ය සුහදත්වය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සහ පාකිස්ථානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන අතර සමරු තිළිණ හුවමාරුවක් සිදුකෙරිණි. පසුව, පාකිස්ථානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන ලුතිනන් ජෙනරල් සයිඩ් ආමර් රාසා විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.