උණුසුම් පුවත්

රුවන්ඩාවේ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උසස් හමුදා පුහුණුවේ නිරතව සිටින දූත පිරිසෙහි ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී අඟහරුවාදා (11) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී හමුවිය.


දකුණු සුඩානයේ, බෝර් හි දෙවන මට්ටමේ රෝහලේ සේවයේ නියුතුව සිටි නිලධාරින් 9 දෙනෙකු සහ සෙසුනිලයන් 42 දෙනෙකුගෙන් සමන්විත 10 වන යුද්ධ හමුදා වෛද්‍ය බලකා කණ්ඩායම වසරක කාලසීමාවක සිය රාජකාරි නිමාවෙන් පසුව 2025 පෙබරවාරි මස 11 දින ශ්‍රී ලංකාවට පැමිණියහ. තවත් නිලධාරින් 07 දෙනෙකු සහ සෙසුනිලයන් 05 දෙනෙකු දකුණු සුඩානයේ සේවයේ නිරතව සිටින අතර ඔවුන් ද නුදුරේදී මෙරටට පැමිණීමට නියමිතව ඇත.


කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් එස්.පී.ජී ගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 පෙබරවාරි මස 11 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රෝද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී හමුවිය.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩක බළලත් නිලධාරි II කේ.ඒ සමිත දුලාන් ලෝක පැරා මළල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් - 2025 තරඟාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගැනීමට සමත්විය.


විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ හට ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2025 පෙබරවාරි මස 8 දින අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩක බළලත් නිලධාරි II කේ.ඒ සමිත දුලාන් ලෝක පැරා මළල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් - 2025 තරඟාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගැනීමට සමත්විය.


2025 ජාතික ගෘහස්ථ ඔරුපැදීමේ ශූරතාවලිය, දියවන්නා ඔරුපැදීමේ මධ්‍යස්ථානයේදී 2025 ජනවාරි මස දින 31 සිට පෙබරවාරි මස 01 දින දක්වා පැවැත්විණි. ත්‍රිවිධ හමුදා, ක්‍රීඩා සමාජ, විශ්වවිද්‍යාල සහ පාසල් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවති මෙම තරඟාවලියේ ජයග්‍රහණය හිමිකරගැනීමට යුද්ධ හමුදා ඔරුපැදීමේ කණ්ඩායම සමත්වූහ.


තවද, කැලලක් විය හැකි ක්‍රියාකාරකම්වලට ගොදුරු නොවී සොල්දාදුවෙකු ලෙස අභිමානවත්ව සමාජය තුළ කටයුතු කරන ආකාරය පැහැදිළි කළේය. විශේෂයෙන් මාර්ගගත සූදුවෙහි අන්තරායන් පිළිබඳව අනතුරු අඟවමින්, සන්නද්ධ හමුදා සාමාජිකයන් ලෙස ඔවුන්ගේ යහපැවැත්ම, විනය සහ කාර්යක්‍ෂමතාවයට හානි කළ හැකි දේවල් වලට යොමු වීමෙන් වැළකී සිටීමටත්, ඔවුන්ගේ වෘත්තීය වගකීම් කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් එතුමන් යුද්ධ හමුදා සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේය.


77 වන නිදහස් දිනයට සමගාමීව උතුරු හා නැගෙනහිර පළාත් පුරා නිදහස් සැමරුම් උත්සව මාලාවක් 2025 පෙබරවාරි මස 04 දින සංවිධානය කර තිබුණි.


යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී වෙනුවෙන් උපහාර දැක්වීමේ උත්සවයක් කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ දී අද (2025 පෙබරවාරි මස 07) දින පැවැත්විණ. මෙම අවස්ථාවට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය ද එක් වූවාය.

ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන යුද්ධ හමුදාධිපතිතුමන් හට එම තනතුර දක්වා පැමිණි ගමනේදී විද්‍යාලයෙන් ලද පන්නරය ඉතා සුවිසල් විය.