10th February 2025
2025 ජාතික ගෘහස්ථ ඔරුපැදීමේ ශූරතාවලිය, දියවන්නා ඔරුපැදීමේ මධ්‍යස්ථානයේදී 2025 ජනවාරි මස දින 31 සිට පෙබරවාරි මස 01 දින දක්වා පැවැත්විණි. ත්‍රිවිධ හමුදා, ක්‍රීඩා සමාජ, විශ්වවිද්‍යාල සහ පාසල් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවති මෙම තරඟාවලියේ ජයග්‍රහණය හිමිකරගැනීමට යුද්ධ හමුදා ඔරුපැදීමේ කණ්ඩායම සමත්වූහ.
යුද්ධ හමුදා ඔරුපැදීමේ කණ්ඩායම් සිය සුවිශේෂී දක්‍ෂතා එළිදක්වමින් විවිධ ඉසව් තුළින් රන් පදක්කම් 19 ක්, රිදී
පදක්කම් 9 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනාගැනීමට සමත්විය.ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඔරුපැදීමේ කණ්ඩායම පහත දක්‍ෂතා හිමිකරගන්නා ලදී:
විවෘත පිරිමි කාණ්ඩය - ප්‍රථම සහ දෙවන ස්ථානය
විවෘත කාන්තා කාණ්ඩය - ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථානය
500 x 4 පිරිමි කාණ්ඩය - ප්‍රථම සහ තෙවන ස්ථානය
500 x 4 කාන්තා කාණ්ඩය - ප්‍රථම ස්ථානය
500 x 4 විවෘත කාණ්ඩය - ප්‍රථම ස්ථානය