උණුසුම් පුවත්

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය විසින් පවත්වාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලෙහි සාමසාධක රාජකාරී සඳහා පිටත්ව යාමට නියමිත 11 වන වෛද්‍ය කණ්ඩායමට වේරහැර ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී සුබ පැතුම් පිරිණැමීමේ උත්සවයක් 2025 ජනවාරි මස 31 දින පැවැත් විය.


ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ 2025 ජනවාරි මස 23 දින 11 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.


රුසියානු සමූහාණ්ඩුවේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජාත්‍යන්තර හමුදා සහයෝගීතාව සඳහා වන ප්‍රධාන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී මේජර් ජෙනරල් ඇලෙක්සැන්ඩර් ඉවානොවිච් සින්චෙන්කෝ ගේ මඟපෙන්වීම මත ඉහළ පෙළ රුසියානු හමුදා දූත පිරිසක් 2025 ජනවාරි මස 28 දින යුද්ධ හමුදා මූලස්ථානයේ, මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේ පැවති සාකච්ඡාවක් සඳහා සහභාගි වූහ.


ශ්‍රී ලංකාවේ නවදිල්ලි මියන්මාර තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ජෙනරල් සැව් මෝ ල්වින් 2025 ජනවාරි මස 28 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ් - එන්ඩීයූ පීඑස්සී අයිජී හමුවිය.


කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුඳුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් බී.අයි අස්සලආරච්චි යූඑස්පී පීඑස්සී පීටීඑස්සී 2025 ජනවාරි මස 28 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී හමුවිය.


මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් 2025 ජනවාරි මස 27 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී හමුවූහ.


ආරක්‍ෂක සේවා එල්ලේ තරඟාවලිය‍ - 2025 හි ජයග්‍රහණය අඛණ්ඩව සිව්වන වරටත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් හිමිකර ගන්නා ලදී.


යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ අධීක්‍ෂණය යටතේ, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව 2025 ජනවාරි මස 21 දින ‘Rendezvous’ ක්‍රීඩා පිටියේ මනෝචිකිත්සාමය සංගීත වැඩසටහනක් පවත්වන ලදී.


වසර 32 කට අධික කාල සීමාවක් මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් සේවය කළ අභාවප්‍රාප්ත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් එන්.ජී.ජී.එස්. තිලකරත්න (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මහයියාව පොදු සුසාන භූමියේදී සඳුදා (ජනවාරි මස 20) දින පස්වරුවේ යුද්ධ හමුදා ගෞරවාචාරයන් මධ්‍යයේ සිදුකෙරිණි.


යුද්ධ හමුදා ප්‍රවීණයන්ගේ යහපැවැත්ම සහතික කිරීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත කොළඹ පළාතේ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයන්හි වෙසෙන යුද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සෞඛ්‍යය අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් 2025 ජනවාරි මස 20 සිට 24 දින දක්වා රාගම රණවිරු සෙවණ සුවතා නිකේතන පරිශ්‍රයේදී රණක්‍ෂිතයට පත් යුද්ධ හමුදා ප්‍රවීණයන් වෙනුවෙන් වෛද්‍ය කඳවුරක් පැවැත්වීම සඳහා සියළු කටයුතු සංවිධානය කර ඇත.