අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 2025 මාර්තු මස 01 දින හිරිකටු ඔය ජලාශයේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් සිරවී සිටි සිවිල් වැසියන් 35 දෙනෙකු මුදවාගැනීම සඳහා ගැමුණු හේවා බලකායේ භටපිරිස් මුදවාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.
ජාතියේ ආරක්ෂකයා
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 2025 මාර්තු මස 01 දින හිරිකටු ඔය ජලාශයේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් සිරවී සිටි සිවිල් වැසියන් 35 දෙනෙකු මුදවාගැනීම සඳහා ගැමුණු හේවා බලකායේ භටපිරිස් මුදවාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.
රෝහල් සේවාවන් සහ මෙහෙයුම් කටයුතු පිළිබඳ සොයාබැලීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG 2025 මාර්තු මස 11 දින අනුරාධපුර යුද්ධ හමුදා රෝහලේ නිල සංචාරයක නිරත විය.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG 2025 මාර්තු මස 11 දින රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් ස්ථාපිත කර ඇති අනුරාධපුර අභිමංසල-1 සුවතා නිකේතනයේ නිල සංචාරයක නිරත විය.
‘ජාතික මළල ක්‍රීඩා තේරීම් තරඟාවලිය - 2025’ 2025 මාර්තු මස 8 සහ 9 දෙදින තුළ දියගම ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මාතලේ විජය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් සහ සිසු සිසුවියන් විසින් එම විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්. ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc වෙත උපහාර දැක්වීමේ උත්සවයක් 2025 මාර්තු මස 06 දින පවත්වන ලදී.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, පසුගියදා තම යුද්ධ හමුදා පුහුණු කාලයේදී පුහුණුව ලබාදුන් උපදේශකයින් පිරිසක් සමඟින් සුහද හමුවක් පැවැත්වූ අතර, එහිදී එතුමන් තම යුද්ධ හමුදා දිවිය හැඩගැස්වීමේදී ඔවුන් සිදුකළ සුවිශේෂී කාර්යභාරය සිහිපත් කළේය.
වසර 33 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලැබූ මේජර් ජෙනරල් පී. විතානගේ සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 මාර්තු මස 07 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණකර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ඒ.කේ රාජපක්‍ෂ RSP සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 මාර්තු මස 07 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
ඉංජිනේරු සේවා බලකාය විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘75 වසරක අභිමානය’ සඟරාවේ පළමු පිටපත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG වෙත ඉංජිනේරු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර ndc psc සහ එම බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එන්.ඩි.ඩබ්.පී.එස්.එම් පෙරේරා විසින් 2025 මාර්තු මස 06 දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී පිරිනමන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ මෙහෙයුම් කාර්යක්‍ෂමතාව සහ පරිපාලන විශිෂ්ඨත්වය සහතික කිරීම සඳහා වන කැපවීම තහවුරු කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG මහනුවර ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා කඳවුරු කිහිපයක සංචාරයක නිරතවිය.