‘ලෝක පැරා මළල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රික්ස්‘ තරඟාවලියේදී යුද්ධ හමුදාවට රිදී පදක්කමක්

ලොව පුරා සිටින විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් ජවන හා පිටිය ඉසව් රැසකින් සමන්විත ලෝක පැරා මළල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් තරඟාවලිය 2025 මාර්තු මස 12 දින ඉන්දියාවේ, නවදිල්ලි නුවරදී පැවැත්විණි.

ජාතියට ආඩම්බරයක් එක්කරමින් එම තරඟාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ පිරිමි ඛාණ්ඩය නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් කේ.ජී.ජී ඒකනායක විසින් රිදී පදක්කම දිනාගන්නා ලදී.