16th March 2025
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මෙහෙයුම් ක්‍රියාකාරකම් සහ පාලන කටයුතු පිළිබඳ සොයා බැලීමේ පියවර යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි අමරපාල RWP RSP ndc psc, 2025 මාර්තු මස 11 දින යාන්ත්‍රික ඉංජිනේරු බලසේනා මූලස්ථානයේ සහ 8 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.
කඳවුරු පරිශ්‍රය වෙත පැමිණි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පිරිනමන ලදී. පසුව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන විසින් භටපිරිස් අමතමින් විනය පවත්වාගෙන යාමේ වැදගත්කම සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැනි ජාතික වැඩසටහන් සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය පිළිබඳව මෙන්ම පරිසර සංරක්ෂණය, ජාතික ආරක්ෂාව සහ භටපිරිස්හි යහපැවැත්මේ ඇති වැදගත්කම පිළිබඳව දැනුවත් කරන ලදී.
අනතුරුව, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන විසින් නිලධාරින් අමතමින්, ඔවුන්ගේ රාජකාරි කෙරෙහි අවධානය යොමු කරමින් සමාජීය වෙනස්කම් වලට අනුව අනුවර්තනය වීමට අවශ්‍ය උපදෙස් හා දිරිගැන්වීම් ලබාදෙමින් ජාතික සංවර්ධනය සඳහා යුද්ධ හමුදාවේ කාර්යභාරය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සඳහා දායක වීමේ වැදගත්කමද නැවත අවධාරණය කළේය. නිල සංචාරය අවසානයේ, එම සංචාරය සනිටුුහන් කරමින් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන විසින් විශේෂ අමුත්තන්ගේ සමරු සටහන් පොතේ සටහනක් ද තබන ලදී.