15th August 2025
ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නවතමයෙන් පත් කරන ලද මෙරට එක්සත් රාජධානියේ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් කීත් මයිල්ස්, 2025 අගෝස්තු මස 14 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
මෙම අවස්ථාවට මෙරට එක්සත් රාජධානියේ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස රාජකාරි සිදුකර ධූරයෙන් නික්ම යන කර්නල් ඩැරන් වුඩ්ස් ද සහභාගි විය.