යුද්ධ හමුදා භටපිරිස් පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරයි

ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්‍ෂණය යටතේ 6 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරනු ලබයි.

ඒ අනුව, 2025 ජූලි මස 14 දින ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය යටතේ පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රධාන තඹ දොරටුව සහ ආලින්දයන් අලුත්වැඩියා කිරීම, සනීපාරක්‍ෂක පහසුකම් හා පාර්ලිමේන්තු සාමාජිකයින් ලැගුම් ගන්නා විවේක කාමර ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානය අලුත්වැඩියා කිරීම සිදුකරනු ලබයි.