15th August 2025
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc ගේ මඟපෙන්වීම යටතේ එම බලසේනා මූලස්ථානයේදී 2025 අගෝස්තු මස 13 දින සිට 14 දින දක්වා අණදෙන නිලධාරින් සහ සම්බන්ධීකරණ නිලධාරින් සඳහා දින දෙකක පුහුණු වැඩසටහනක් පවත්වන ලදී.
ප්‍රධාන දේශනයේදී, සේනාවිධායක විසින් වෘත්තීය සංවර්ධනය, ව්‍යුහගත පුහුණුව සහ හමුදා වෘත්තීයභාවය පවත්වා ගැනීමේ වැදගත්කම ඉස්මතු කරන ලදී. එසේම දැනුම වර්ධනය කරගැනීම, රාජකාරි වලට අනුගතවීම සහ මෙහෙයුම් කාර්යක්‍ෂමතාවය මෙන්ම රෙජිමේන්තු ප්‍රමිතීන් වැඩි දියුණු කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය.
සේනාවිධායක විසින් සහභාගිවන්නන්ට සහතිකපත් ප්‍රදානය කිරීමෙන් අනතුරුව උත්සවය අවසන් විය.