11th August 2025
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc 2025 අගෝස්තු මස 05 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්ත ශාලාවේ නිල සංචාරයක නිරත විය.
මෙම සංචාරය අතරතුරදී, එම ඉංජිනේරු කර්මාන්ත ශාලාවේ අණදෙන නිලධාරි විසින් කර්මාන්ත ශාලාව විසින් සිදු කරන ලද ව්‍යාපෘතීන්, දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතීන්, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතීන්, කුඩා අවි අලුත් වැඩියා කිරීමේ කටයුතු සහ වාහන අලුත් වැඩියා කටයුතු පිළිබඳව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානව සවිස්තරාත්මකව දැනුවත් කරන ලදී. පසුව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන කුඩා අවි අලුත් වැඩියා කිරීමේ සහ අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද වාහන එකලස් කිරීමේ අංශයන් වෙත නිරීක්‍ෂණ සංචාරයක නිරත විය.
මෙම සංචාරය සඳහා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ එම රෙජිමේන්තුවේ බලකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසු නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයන් සහභාගි වූහ.