ශ්‍රී සුගත ධර්මෝදය දහම් පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 11 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී කවීශ්වර වේළුවනාරාම ශ්‍රී සුගත ධර්මෝදය දහම් පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 2025 මාර්තු මස 02 දින එම විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. එම දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය හිමිපාණන්ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ කොඩිතුවක්කු RSP USP psc IG සහභාගි විය.

මෙම උත්සවය අතරතුරදී, සේනාංකාධිපති විසින් නව ශිෂ්‍ය නායක නායිකාවන් වෙත ශිෂ්‍ය නායක නිල ලාංඡන පළඳවන ලදී. ඉන් අනතුරුව, දේශනයක් පැවැත්වූ එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් විනය සහ කැපවීම තුළින් ශක්තිමත් නායකත්වයක් මෙන්ම වගකිවයුතු සහ ඵලදායි නායකයින් බිහිවන බව පැහැදිළි කරන ලදී.

මෙම අවස්ථාවට එම දහම් පාසල් කාර්ය මණ්ඩලය, සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමාපියන් පිරිසක් සහභාගි වූහ.