before 2024
පසුගිය පුවත්
භට පිරිස් යාපනය ශික්ෂණ රෝහලේ රෝගින් වෙනුවෙන් රුධිර පරිත්‍යාගයක්
2017-01-22
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ කන්කසන්තුර ප්‍රදේශයේ ස්ථාපිත 5 වන ඉන්ජිනේරු සේවා බලකායේ සේවයේ නියුතු සමාජිකයින් සිකුරාදා (20) දින යාපනය ලේ බැංකුවේ ඉල්ලිමකට අනුව යාපනය ශික්ෂණ රෝහලේ රෝගින්ගේ භාවිතය සඳහා ඔවුන්ගේ කඳවුරු පරිශ්‍රයේ දි ලේ පරිත්‍යාගයක් සිදු කරන ලදි.
තව කියවන්න
12 වන සේනාංක මුලස්ථානයට නව ගොඩනැගිලි සංකීර්ණයක්
2017-01-22
හම්බන්තොට 12 වන සේනාංක මුලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද ගොඩනැගිලි සංකීර්ණය අද (21) උදෑසන යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි. එහි පැමිණි යුද හමුදාපතිතුමන්ව, මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ සමඟින් 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා විසින් පිළිගන්නා ලදි.
තව කියවන්න
යුද හමුදාපති ‘විශ්‍රාමික ප්‍රවීනයන්ගේ නිවාසය’ සඳහා තවත් පහසුකම් ලබාදීම සබැඳිව සේවා මුක්ත භට පිරිස්හි ආචාරය
2017-01-20
කටාන, බෝලගල ත්‍රිවිධ හමුදා විශ්‍රාමික ප්‍රවීණයන් වෙනුවෙන් නවතමයෙන් ඉදිකරන ලද පහසුකම් සහිත ගොඩනැගිලි විවෘත කිරීම අද (20) උදෑසන යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර, ඒ සඳහා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් ද එක්ව සිටියහ.
තව කියවන්න
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් ක්ෂණිකව ක්‍රියාත්මක වී පොලිස් කොස්තාපල්ගේ සහ මාළු වෙළෙන්දාගේ ජිවිත බේරාගනී
2017-01-20
යාපනය අරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 551 බලසේනාවට අයත් 19 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් එම්.ඩී. සුනිල් විසින් වහා ක්‍රියාත්මක වී සඳුදා (16) දින පේදුරුතුඩුව වෙරළේ ගැඹුරු මුහුදේ ගිලෙමින් සිටි මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ..........
තව කියවන්න
‘රණවිරු රියල් ස්ටාර් අදියර V’ සුපිරි තරුව හා අවසන් තරඟකරුවන් හට ත්‍යාග පිරිනැමේ
2017-01-20
‘රණවිරු රියල් ස්ටාර් අදියර V’ ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලාන්ස් බොම්බඩියර් සම්පත් ශ්‍රී පලන්සූරිය හට හිමි වු නව නිවසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම බ්‍රහස්පතින්දා (19) දින හොරණ, ප්‍රබුද්ධගම රණවිරු ගම්මානයේ පැවති උත්සවයක දී සිදු කරනු ලැබීය.
තව කියවන්න
සහන ජල සැපයුම සඳහා ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය වෙත යුද හමුදා බවුසර් ලබාදෙයි
2017-01-18
පවතින වියළි කාලගුණික තත්වය සහ දැඩි නියඟය සඳහා පෙර සුදානම්විමක් ලෙස ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව දිවයිනේ පිහිටි දිස්ත්‍රික්ක 25 පුරා හදිසි සහන වැඩපිළිවෙලක්, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ මඟපෙන්විම යටතේ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ක්‍රියාත්මක කරන ලදි.
තව කියවන්න
යුද්ධ හමුදාවේ ලාන්ස් කෝප්‍රල් එච්.ඒ. හීන්බණ්ඩා විසින් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට 2017.01.16 දින පවත්වන විරෝධතාවය පිළිබඳවයි
2017-01-16
ලාන්ස් කෝප්‍රල් එච්.ඒ. හීන්බණ්ඩා ක්‍රියාන්විත රාජකාරායේදි ආබාධිත තත්වයට පත්විමෙන් පසුව යක්කල රණවිරු ඇපරල්ස්හි සැහැල්ලු රාජකාරී සඳහා යොදවා තිබු අතර, එම ස්ථානයේ.......
තව කියවන්න
කඳවුර තුල නව ‘යෝගට්’ නිෂ්පාදන ඒකකයක්
2017-01-16
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ යෝගට් නිෂ්පාදන ඒකකය සිවිල් ජනතාව වෙනුවෙන් තම සේවාවන් පුළුල් කරමින් කිලිනොච්චි කිරි ගොවියන්ගෙන් වැඩි වැඩියෙන් කිරි මිලදි ගැනීම සඳහා පහසුකම් සහිත නව ගොඩනැගිල්ලකට ප්‍රවිෂ්ට වන ලදි.
තව කියවන්න
ඕමන්තේයි ප්‍රදේශයේ අක්කර 16 ක ඉඩම් කොටසක් මුදාහරියි
2017-01-16
ඕමන්තෙයි යුද හමුදා මුරපොළ ලෙස ප්‍රචලිත යුද හමුදාව පරිහරණය කරනු ලැබු ඕමන්තේයි බටහිර ප්‍රදේශයෙන් අක්කර 16 ක ඉඩම් කොටසක් අඟහරුවාදා (17) දින මුදාහරින ලදි. වන්නි ආරක්ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් 563 බලසේනාවේ බලසේනාධිපතිගේ සහභාගීත්වයෙන්.....
තව කියවන්න
ඌරණි ධීවර යාත්‍රා නැවතුම් තොටුපල වසර 27 කට පසු ජනතා අයිතියට
2017-01-16
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ මුලිකත්වයෙන් ඌරණි ධීවර යාත්‍රා නැවතුම් තොටුපල ඌරණි, තායිඩ්ඩි (නැගෙනහිර) සහ නල්ලිනාක්කපුරම් ධීවර ප්‍රජාවගේ යහපත වෙනුවෙන් ඔවුන්ගේ ජීවනෝපාය නැවත ආරම්භ කිරීමට අවස්ථාව උදාකරදෙමින් වසර 27 කට පසු සෙනසුරදා (14) දින ජනතා අයිතියට පත් කරන ලදි.
තව කියවන්න