භට පිරිස් යාපනය ශික්ෂණ රෝහලේ රෝගින් වෙනුවෙන් රුධිර පරිත්‍යාගයක්
22nd January 2017
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ කන්කසන්තුර ප්‍රදේශයේ ස්ථාපිත 5 වන ඉන්ජිනේරු සේවා බලකායේ සේවයේ නියුතු සමාජිකයින් සිකුරාදා (20) දින යාපනය ලේ බැංකුවේ ඉල්ලිමකට අනුව යාපනය ශික්ෂණ රෝහලේ රෝගින්ගේ භාවිතය සඳහා ඔවුන්ගේ කඳවුරු පරිශ්‍රයේ දි ලේ පරිත්‍යාගයක් සිදු කරන ලදි.
මෙම මනුෂිය ව්‍යාපෘතිය, 5 වන ඉන්ජිනේරු සේවා බලකායේ අණදෙන නිලධාරි මේජර් ප්‍රියන්ත හෙට්ටිආරච්චිගේ උපදෙස් මත නිලධාරි 06 ක් ද, සෙසුනිලයන් 203 ක් ද, රෝගින් වෙනුවෙන් ලේ පරිත්‍යාග කලේය.
යාපනය ශික්ෂණ රෝහලේ ශ්‍රී ලංකා ලේ බැංකුවේ කාර්ය මණ්ඩලය ඇතුළු ආචාර්ය ටී.විස්වේතිතාන්ගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් මේ සඳහා සහය ලබා දුන්හ.
යුද හමුදාපති තුමන්ගේ ආශිර්වාද ඇතිව, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මෙම වැඩසටහනට සහය ලබා දුන්හ.
|