කඳවුර තුල නව ‘යෝගට්’ නිෂ්පාදන ඒකකයක්

16th January 2017

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ යෝගට් නිෂ්පාදන ඒකකය සිවිල් ජනතාව වෙනුවෙන් තම සේවාවන් පුළුල් කරමින් කිලිනොච්චි කිරි ගොවියන්ගෙන් වැඩි වැඩියෙන් කිරි මිලදි ගැනීම සඳහා පහසුකම් සහිත නව ගොඩනැගිල්ලකට ප්‍රවිෂ්ට වන ලදි.

ඒ අනුව මෙම ගොඩනැගිල්ලේ නව යන්ත්‍ර ස්ථාපනය කිරීමෙන් අනතුරුව ප්‍රදේශයේ කිරි ගොවින්ගෙන් එළකිරි ලිටරයක් රුපියල් 80/=කට මිල දී ගැනීමට නියමිතය.

කිලිනොච්චි 6 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය විසින් මීට කලකට පෙර මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ අතර, මේ වන විට එම ව්‍යාපෘතිය සාර්ථක වී ඇත.

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන ඉදිරි නඩත්තු පෙදෙසේ අධික්ෂණය යටතේ 11 වන බලඇණිය ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බලකාය විසින් මෙම නව ගොඩනැගිල්ල ඉදිකරනු ලැබිය.

තවද, මෙම නව ගොඩනැගිල්ල විවෘත කිරිමේ උත්සවය සිකුරාදා (13) දින කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. එහිදි ආඥාපතිතුමා විසින් සංකේතාත්මකව පීත්ත පටිය කපා සමරු ඵලකය නිරාවරනය කිරිමෙන් අනතුරුව එම ගොඩනැගිල්ල 6 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය වෙත භාරදෙන ලදි.

එහි පැමිණි කිලිනොච්චි ආඥාපතිතුමා වෙත හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදි. එසේම එහිදි ඔහු විසින් මෙම අවස්ථාව සිහිවනු වස් පැළයක් ද රෝපනය කරන ලදි.

මෙම ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාව සඳහා කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති බ්‍රිගේඩියර් ධම්මික කාරියවසම්, කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ජගත් රත්නායක, බ්‍රිගේඩියර් පාලන හා භට කාර්ය සම්පාදන කර්නල් කුමාර හදුන්මුල්ල ඇතුලු නිලධාරීන් හා සෙසුනිලයින් ද එක්ව සිටියහ.

|