ඕමන්තේයි ප්‍රදේශයේ අක්කර 16 ක ඉඩම් කොටසක් මුදාහරියි
16th January 2017
ඕමන්තෙයි යුද හමුදා මුරපොළ ලෙස ප්‍රචලිත යුද හමුදාව පරිහරණය කරනු ලැබු ඕමන්තේයි බටහිර ප්‍රදේශයෙන් අක්කර 16 ක ඉඩම් කොටසක් අඟහරුවාදා (17) දින මුදාහරින ලදි.
වන්නි ආරක්ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් 563 බලසේනාවේ බලසේනාධිපතිගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් ලේකම් සමඟ පැවති සාකච්ජාවෙන් පසු මෙම ඉඩම් නිදහස් කිරීම සිදුකරන ලදි.
කෙසේවෙතත්, ඕමන්තේ යුද හමුදා කඳවුර සහ ඕමන්තේ ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකා රාජකාරින් සුපුරුදු පරිදි ඉටු කරනු ලැබේ.
|