සහන ජල සැපයුම සඳහා ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය වෙත යුද හමුදා බවුසර් ලබාදෙයි
18th January 2017
පවතින වියළි කාලගුණික තත්වය සහ දැඩි නියඟය සඳහා පෙර සුදානම්විමක් ලෙස ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව දිවයිනේ පිහිටි දිස්ත්‍රික්ක 25 පුරා හදිසි සහන වැඩපිළිවෙලක්, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ මඟපෙන්විම යටතේ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ක්‍රියාත්මක කරන ලදි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධිකරණයෙන් ආරක්ෂක අමාත්‍යාංශය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය හරහා යුද හමුදාව විසින් මේ වන විට කළුතර දකුණ ප්‍රදේශයේ නියඟයෙන් පිඩාවට පත් ජනතාව වෙනුවෙන් කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත වතුර බවුසර් 06 ක් ලබාදෙන ලදි.
බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ මඟපෙන්විමෙන් එම ආරක්ෂක සේනා මුලස්ථානය විසින් පානිය ජලය නොමැතිකමින් දැඩි ලෙස පිඩාවිදින ප්‍රදේශ සෙවිමේ වැඩසටහනක් ද මේ වන විට ක්‍රියාත්මක කර ඇත.
|